spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවසීලන්තයට සුපිරි ජයක්

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති තරඟය ලකුණු 102 කින් ජයගැනීමට නවසීලන්තය සමත්විය.

එම තඟරයේ කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත්වූ අතර ඔවුන්ගේ තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 162ක් රැස් කල අතර තරඟය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 163කි.

ඒ අනුව ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 60ක් පමණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?