spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෙරණ ආයතනයෙන් ඉවත් කළ නිවේදක මහිෂ් ජොනී නැවතත් එම ආයතනයේම සේවයට ?

අරගලය බීච් පාර්ටියක් ලෙස හැදින්වීම නිසා එල්ලවූ ජනතා විරෝධය හමුවේ දෙරණ ආයතනයෙන් ඉවත් කළ නිවේදක මහිෂ් ජොනී නැවතත් එම ආයතනයේම සේවයට ?

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාව බීච් පාර්ටියක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළ දෙරණ 24 නාලිකාව හා එහි හිමිකරු දිලිත් ජයවීර මහතාට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විරෝධයක් එල්ලවී තිබේ.

දෙරණ 24 නාලිකාවේ State of the Nation වැඩසටහනේදී ගෝල්ෆේස් විරෝධය “Galleface Beach Festival 2022 ” ලෙස හඳුන්වා දීම පිළිබඳව රටේ ලොකු කතාබහක් ඇතිවුණා.

එහි නිවේදක මහේෂ් ජොනී නැමැත්තා සිදු කළ ප්‍රකාශය ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය හේතුවෙන් දුක්විඳින ජනතාවගේ කඳුළුවලට කළ සරදමක් ලෙසයි බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හැදින්වූවේ.

මෙම සිදුවීම නිසා දෙරණ ආයතනයට සහ එම නිවේදකයාට දැඩි විරෝධයක් එල්ලවීම නිසා මහිෂ් ජොනී දෙරණ ආයතනයේ ඉල්ලීම මත ඉල්ලා අස්වුණා.

මේ සම්බන්ධයෙන් දෙරණ මාධ්‍ය ආයතනය නිවේදනයක්ද නිකුත් කර තිබුණේ එම නිවේදකයා විසින් පලකළ අදහස දෙරණ ආයතනයේ අදහස නොවන බවයි.

කෙසේ වෙතත් විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කළේ නැවතත් ඔහුව දෙරණ ආයතනයේ සේවයට ගෙන ඇති බවයි.

එම සිදුවීම සම්බන්ධයෙන් දෙරණ මාධ්‍ය ආයතනය පලකළ නිවේදනය පහතින්…

image 4
image 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?