spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුරකථන සංඥා කුලුනක බැටරි සොරෙක් අත්අඩංගුවට

බෙලිඅත්ත, දම්මුල්ල ප්‍රදේශයේ දුරකථන සංඥා කුලුනක සංඥා ලබාගැනීම සඳහා උපයෝගී කර ගන්නා බැටරි 08ක් සොරකම් කරන ලද පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඊයේ (31) උදෑසන කාලයේදී සොරකම් කරනලද බැටරි 08ට ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී වීරකැටිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බැටරිවල වටිනාකම රුපියල් ලක්ෂ 04කට අධික බව පොලීසිය පවසන අතර අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33 ක බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු ඊයේ වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය සහ බෙලිඅත්ත පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?