spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දැන් චූටි දුවත් එක්ක පවුල් ජීවිතය තවත් ආදරණීයයි

මුල් කාලයේ,එනම් ලංකාවට රියැලිටි තරඟ හඳුන්වා දුන් අදියරවල් තුළ රියැලිටි වැඩසටහනක් තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය තදින්ම හිමිකරගත් ඔහු දක්ෂ ගායකයෙක් ලෙසින් ක්ශේත්‍රයට එකතු වුණු අයෙක්.ඔහු නමින් සුරේන්ද්‍ර පෙරේරා.සුරේන්ද්‍ර මේ තරම් ජනප්‍රිය වීමට හේතුව ඔහුගේ හඬ.ඒ හඬ කොයිතරම් නම් ජනප්‍රිය වුණාද කිවහොත් තරඟය විකාශය වන කාලයේදීම සුරේන්ද්‍රව මුළු රටක් හඳුනාගෙන හමාරයි.ඉතිං මේ නිහතමානී දක්ශයාව අද අපි කතාබහකට සම්බන්ධ කරගත්තේ ඉතාම සතුටින්..

ආයුබෝවන් සුරේන්ද්‍ර !

ආයුබෝවන්!!

කොහොමද සුරේන්ද්‍ර ජීවිතේ?

දැන්නම් ඉස්සෙල්ලා ට වඩා චුට්ටක් හොඳයි.මට දැන් ෆැමිලි ලයිෆ් එකක් තියෙනවා.චූටි දුවත් එක්ක ජීවිතේ ගෙවීගෙන යනවා.

එතකොට සංගීත වැඩකටයුතු කොහොමද?

සංගීත වැඩකටයුතු නම් වෙනදා වගේ කියන්න අමාරුයි.මොකද දැන් හැමෝටම ප්‍රසංග අඩුයි.මේ දවස්වල නම් වැඩිපුරම සහභාගි වෙන්නේ පාර්ටිස් වලට weddings වලට තමයි.එළිමහන් ප්‍රසංග වලට යන්න යන්නෙම නැති තරම්.

සුරේන්ද්‍ර පෙරේරා කියන්නෙ කාලයක් මුළු රටක් ආදරය කරපු හඬක් හිමි කලාකරුවෙක්.ඒක තවමත් එහෙමයි කියන්න පුළුවන්.ඒ අනිත් අයත් අනිත් අයට සාපේක්ෂව සුරේන්ද්‍ර ඇයි පේන්නෙ නැත්තෙ?

ඒක ඇත්ත.ඒ වුණාට ඉදිරිය වෙනස් වෙන්න පුළුවන්.එහෙම හිතාගෙන ඉන්නවා

ඉතින් මොකක්ද මේකට හේතුව?

හේතුව ඉතින් මගේ විදිය ඒක තමා.මොකද මම දැන් වැඩිපුර පේන්න යන්නෙ නෑ.මිනිස්සුන්ට ඕන තරම් පෙනිලා තිබුණු කාලයක් තිබුණා.ඒත් මම තාමත් වැඩේ ඉන්නවා,සමාජෙ ඉන්නවා.අපි බලමු ඉස්සරහට

සුරෙන්ද්‍ර විවාහ වුණේ ලඟදි.කොහොමද පවුල් ජීවිතය?

ඇත්තටම ගොඩක් හොඳින් පවුල් ජීවිතය ගත කරනවා.දැන් චූටි දුවත් එක්ක පවුල් ජීවිතය තවත් ආදරණීයයි.එයාගෙ වැඩ ටික තමයි ඉතින් දැන් බලන්නේ.දැන් ඉතිං ඉස්සර වගේ ෆ්‍රී එකේ ඉන්න අමාරුයි,මොකද දැන් තියෙන්නේ ලොකු වගකීමක්.

දුවෙක්ගේ තාත්තා කෙනෙක් වෙන්න ලේසි නෑ නේ කොහොමද ඒ වගකීම දැනෙන්නේ?

දුව තාම චූටියි. ඒත් වගකීම ගොඩයි.මගේ තාත්තටයි අම්මාටයි මුලින්ම ලැබුණේ දුවෙක්.මුලින්ම දුවෙක් ලැබුණු එකම වාසනාවක් කියලා හිතන්නේ.ලැබෙන දේ අපි සතුටින් බාර ගන්න ඕන.දැන් ගොඩක් සතුටෙන් ඉන්නෙ ඉතිං

සුරේන්ද්‍ර පෙරේරා අපි ඔබව දන්නෙ ගායකයෙක්ගෙ ප්‍රතිරූපයෙන්.ඒ වුණාට සුරේන්ද්‍ර කියන්නෙ කව්ද කියලා ඔබට ඊට හාත්පසින්ම වෙනස් නිර්වචයක් දෙන්න පුළුවන්.කව්ද සුරේන්ද්‍ර කියන්නෙ?

සංගීතයට වැඩිපුරම කැමති,හරිම සරලව ජීවත්වන ජීවත්වන විනෝදෙට බර විනෝදකාමී කෙනෙක්.දැන් ඉතිං විවාහ වෙලා නිසා හැමදේම ගලපගෙන තමයි ජීවත් වෙන්නේ.මම වැඩිපුරම කැමැති වුණේ සංගීතයට ඉතින් මට ඒක ලැබුණා.සුපර් ස්ටාර් තරඟයට එන්න කලින් මම විදේශගත වෙන්න තමයි හිටියෙ.තරගය නිසා මම විදේශගත වෙනවා කියන අදහස අතහැරලා දැම්මා.ඒත් ඊට පස්සේ මම රටවල් ගානකට ගියා.

ඔබ 2007 sirasa superstar season 02 තරඟාවලියෙදි අනුශූරතාවය දිනාගත් ජයග්‍රාහකයා.ඒ කාලේ තරග කරපු අය අද ගොඩක් දුර ගිහින්,සමහර විනිශ්‍ය මණ්ඩලවල ඉතාමත් දක්ශ චරිත.ඇයි සුරේන්ද්‍ර ඒ වගේ තැනකට යන්න කැමති නැද්ද? එහෙම නැත්නම් මාධ්‍ය නාළිකා වලින් කතා කරන්නෙ නැද්ද?

අනේ නෑ,චැනල්ස් වලින් ඕනතරම් කතා කරනවා.මම අදටත් හැම මාධ්‍ය නාලිකාවකට ම recspect කරනවා.මම ඒවාට යන්නෙ නැත්තෙ ඇත්තටම මට කියන්න දෙයක් නැහැ.සමහර දේවල් අපිට අනා ගන්න බැහැ වැරදි වචන දීලා.ඒ නිසා හොඳම දේ තමයි අපිට පුළුවන් කියලා හිතන දේ කරගෙන ඉන්න එක.අපිට මාධ්‍ය වලට ගිහින් බොරු දේවල් කියන්න බැහැ,අපි කරල තියෙන දේවල් තමයි කියන්න ඕන.මම දැනටමත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා.ආශාවරී චිත්‍රපටයේ ගීත කීපයක් ගායනා කළා.ඒ වගේ සරලවම බොහොම හිමීට තමයි මගේ ගමන මම යන්නේ.

සංගීත ක්ෂේත්‍රයට අමතරව සුරේන්ද්‍ර මොකද කරන්නේ?එහෙම නැත්නම් සංගීතය සංගීතයද වෘත්තිමය වශයෙන් කරගෙන යන්නේ?

ඇත්තටම මට වෙන මොකුත් ආදායම් මාර්ග නැහැ. සංගීතයෙන් ආදායම් මාර්ග තියෙනවා.මම දන්නෙත් නෑ කොහොමද ඒක වෙන්නේ කියලා ඒත් ජීවත් වෙන්න පුළුවන්.තුන් වේල කාල ඇඳලා ඉන්නවා.

ඉස්සරහට ජීවිතයේ තියෙන ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

මගේ දුව ලොකු කරගන්න ඕන.ෆැමිලි ලයිෆ් එක ලස්සනට ගලපගෙන යන්න ඕන.ජීවිතය ලස්සනට අරගෙන යන්න ඕන.හොඳ විදියට ජීවත් වෙන්න ඕන,නැත්තං රටේ මිනිස්සුන්ට වෙන වෙන කතාබහ ඇති වෙන්න පුළුවන් අපි ගැන.අනිත් එක මගේ දෙමව්පියෝ බලාපොරොත්තු වුණා අපි හොඳ පවුල් ජීවිතයක් ගත කරගෙන ජීවත් වෙන එක ගැන.ඒගොල්ලො කොහේ හරි ඉඳන් අද මම දිහා බලාගෙන ඇති.මගේ අම්මට අද දකින්න නැහැ මම ජීවත් වෙන විදිය,ඒ ගැන හිතට දුකයි.ඒත් අම්මා කොහේ හරි ඉඳන් මං දිහා බලාගෙන ඇති.ඉදිරියට සංගීත වැඩකටයුතු වැඩකටයුතු කරගෙන හැමෝමත් එක්ක හොදින් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ජීවිතයේ තියෙන ලොකුම පසුතැවීම මොකක්ද?

මගේ ජීවිතයේ තියෙන ලොකුම පසුතැවීම තමයි මගේ දෙමව්පියො අද ජීවතුන් අතර නැති එක
මොකද මම මේ තැනට එනකොට,ඒ කියන්නේ සුපර් ස්ටාර් තරගයෙන් ජයග්‍රහණ ලබන කොට මගේ තාත්තා ඒක බලන්න හිටියේ නෑ.එහෙම තමයි ජීවිතේ සමහර දේවල් අපිට ගලපගන්න බැරි වෙනවා.

ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන අපි මතක් කරමු?

ඉස්සරහට ඇත්තටම මුල් තැන දෙන්නේ සංගීත වැඩකටයුතු වලට තමයි.ideas කීපයක්ම තියෙනවා.අලුතින් කරපු සින්දු තියනවා රිලීස් කරන්න.මම හිත හිත ඉන්නවා මේ යන සිස්ටම් එකත් එක්ක මොකක්ද කරන්න ඕන කියන එක ගැන.බලමු ඉදිරියට අනිවාර්යෙන්ම හොඳ දෙයක් කරනවා

සංවාදය-සචිනි සත්සරණි ප්‍රේමරත්න

31925015 1924880027556308 5618611873722138624 n
67302384 2589132717797699 7734544146504876032 n
275003478 5225407067503571 6664301678828645007 n
82095993 2961563307221303 3277164856934924288 n
69529875 2656116424432661 1947307243946901504 n
thumb22691578235110
82012998 2963173457060288 2028701203533135872 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?