spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දරුවා ගඟට දැමු මව පොලිසියට කියපු කතාව

ඊයේ (15) රාත්‍රියේ වත්තල – කදිරාන පාලම අසළින් කැළණි ගඟට දරුවකු විසිකළ පුවතක් ගැන අසන්නට ලැබුණා.

දරුවා විසිකර එම කාන්තාවද ගඟට පැනීමට සුදානම් වූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් එම කාන්තාව පොලිසියට භාර දී තිබෙනවා.

කෙසේ වෙතත් දරුවා සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර දරුවා සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

42 හැවිරිදි මෙම කාන්තාව වත්තල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇය කලක සිට රෝගී තත්වයකින් පෙළෙන බවටයි විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

ඇයගේ දෙවන විවාහයේ සැමියා මියගොස් ඇති අතර පළමු විවාහයෙන් ඇයට 15 හැවිරිදි දරුවෙකුද සිටිනවා.

මෙම කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ පවුලේ ව්‍යාකූල තත්වයක් හේතුවෙන් තමන් මෙලෙස සියදිවි හානිකරගැනීමට උත්සාහ දැරූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?