spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දකුණු ඉන්දියාවේ හොඳම අලෙවිකරුවන් ලංකාවේ තෙදින සංචාරයක් ( ඡායාරූප )

අද (06) ඉන්දියාවේ ටාටා යකඩ හා වානේ නිෂ්පාදන සමාගමේ දකුණු ඉන්දියාව තුළ අලෙවි කටයුතු සිදු කරන අලෙවිකරුවන් අතරින් හොඳම අලෙවිකරුවන් 550 දෙනෙකු ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මේ සඳහා ටාටා සමාගම කුළී පදනම ( Chater ) මත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 03 ක් ඇතුළු ගුවන් යානා 07 ක් යොදවා ගෙන තිබෙනවා.

මෙම ඉන්දීය අලෙවිකරුවන් පිරිස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණි විට එම ආලින්දය මෙම ඉන්දීය අලෙවිකරුවන්ගෙන් පිරී ගොස් තිබුනා.

මෙම අලෙවිකරුවන් කොළඹ ටාජ් සමුද්‍රා සහ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ නවාතැන් ගැනීමට නියමිත අතර , කටුනායක සිට කොළඹ මෙම හෝටල් දක්වා මෙම පිරිස ප්‍රවාහනය කිරීමට සුඛෝපභෝගී බස් රථ 18 ක් පමණ යොදා ගෙන තිබෙනවා.

මෙම අලෙවිකරුවන් රැගත් ගුවන් යානා අද (06) දින දහවල් 11.30 සිට ට්‍රිචී සහ චෙන්නායි යන ගුවන් තොටුපළ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව සඳහන්.

මෙම පිරිස උසස් අන්දමින් පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් ද , ශ්‍රී ලංකා සම්මුතික මණ්ඩලයේ ( Sri Lanka Convention Bureau ) සභාපති තිෂුම් ජයසූරිය , ඉන්දියාවේ ටාටා ස්ටීල් ප්‍රොඩක්ෂන් සමාගමේ සභාපති අශිෂ් අනුපම් ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?