spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තීරණාත්මක දෙවන එක්දින තරඟයේ ජය සොයා ශ්‍රී ලංකාව වසර 09කට පසු අද ඊඩ්න්ගාඩ්න් පිටියට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගමාලාවේ දෙවන තරඟය අද කොල්කටා නුවර ඊඩ්න්ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමතයි.

තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට අනිවාර්‍ය වනවා.

අද තරඟය පැවැත්වෙන ඊඩ්න්ගාඩ්න් ක්‍රීඩාංගණයේ දී මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර එක්දින තරග 05ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 03ක් ජයගෙන වැඩි ගෞරව හිමිකරගෙන ඇත්තේ ඉන්දියාවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම එම ක්‍රීඩාංගණයේදී අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩාකර ඇත්තේ 2014 වසරේදීයි.

මේ අතර 1997 වර්ෂයේ සිට ශ්‍රී ලංකා පිළ ඊඩ්න්ගාඩ්න් ක්‍රීඩාංගණයේදී එක්දින තරගයක් ජයගෙන නොමැති වීමද විශේෂත්වයක්.

ඉන්දියාවේ පැරණිතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සැලකෙන මෙම ක්‍රීඩාංගණය සැලකෙන්නේ ලොව තෙවන ස්ථානයට වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවකට තරඟ නැරඹිය හැකි ක්‍රීඩාංගණය ලෙසයි.

තරඟාවලියේ පළමු තරඟය ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ම අද තරඟයේදීත් ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

එමෙන්ම අද තරඟයේදී ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් කිහිපයක් අපේක්ෂා නොකළ හැකි බවයි විචාරකයින් මත පළකරන්නේ.

ඒ අනුව පළමු තරගයේදී ආබාධයකට ලක් වූ දිල්ශාන් මධුසංක අද තරඟයට එක්වීමේ අවස්ථාව අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ද ආබාධයකට ලක්ව ඇති නමුත් ඔහු අද තරගයේ තේරීම් සදහා සුදුසුකම් ලබා ඇති බව ද ඉන්දියාවෙන් වාර්තා වනවා.

අද තරඟය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?