spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තිලංගට අපහාස කළාට අර්ජුනට ලැබුණු දඬුවම

2003 වසරේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ටෙලිකොම් සමාගමේ සභාපති ධුරය ඇතුළු කිසිදු තනතුරකට තිලංග සුමතිපාල මහතා සුදුසු පුද්ගලයෙකු නොවන බව සඳහන් කරමින් තමන්ට අපහාස සිදුවන අන්දමේ ප්‍රකාශයක් සිදුකළේ යැයි සඳහන් කරමින් හිටපු ක්‍රිකට් නායක සහ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවරා තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ගල්කිස්ස සිවිල් අභියාචනාධිකරණය තිලංග සුමතිපාල මහතා වෙත රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස අර්ජුන රණතුංග මහතාට අද (17) දින මෙම නියෝගය ලබාදී තිබෙනවා.

අදාළ ප්‍රකාශයෙන් තිලංග සුමතිපාල මහතාට අපහාසයක් සිදුව ඇති බව පෙන්වා දුන් අභියාචනාධිකරණ විනිසුරුවන් වන හර්ෂ සේතුංග සහ තුසිත දේවප්‍රිය ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?