spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් ඡන්ද අයදුම්පත් මදිනම් ඡායා පිටපත් කර ගන්න

පළාත් පාලන මැතිවරණයේ රාජ්‍ය ආයතන වල තැපැල් ඡන්ද අයදුම් කිරිම මේ දිනයන්හි සිදු කරනු ලබනවා.

තැපැල් ඡන්ද අයදුම්පත් ඡායාපිටපත් ලබා ගැනිමට සිදු වි ඇති බව අයදුම්කරුවන් පවසනවා.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය ආයතන වෙත තැපැල් ඡන්ද අයදුම් කිරිම සඳහා නුවරඑලිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කාර්යාලයේ සිට එම රාජ්‍ය ආයතනවලට සීමිත අයදුම්පත් ප්‍රමාණයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේ නිකුත් කර ඇති තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රමාණවත් නොවන්නේ නම් එහි ඡායා පිටපතක් ලබාගෙන තැපැල් ඡන්දය අයදුම් කිරිමට සිදු වි ඇති බවයි නුවරඑලිය දිස්ත්‍රික්කයේ තැපැල් ජන්ද අයදුම් කර ඇති ආරක්ෂක අංශ සහ රාජ්‍ය ආයතන වල ඡන්ද දායකයින් කියා සිටින්නේ.

මීට ප්‍රථම පැවති මැතිවරණ වලදි එසේ සිදු වී නොමැති බවයි ඡන්ද දායකයින් වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?