ටයිටන් සබ්මැරීනයේ කොටස් අතර මිනිස් සිරුරු කොටස් ?

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් අතර තිබී මිනිස් සිරුරු කොටස් බවට සැක කළ හැකි කොටස් හමුවී ඇති බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසනවා.

ටයිටැනික් නෞකාව නැරඹීමට ගමන් කරමින් තිබියදී පුපුරා ගිය සබ්මැරීනයේ කොටස් බදාදා කැනඩාවේ ශාන්ත ජෝන් වරායට රැගෙන එනු ලැබුවා.

සුන්බුන් අතර තිබී සබ්මැරීනයේ ගොඩබෑමේ රාමුව සහ පසුපස ආවරණයක් සොයාගත් බවයි නිලධාරීන් පවසන්නේ.

එක්සත් ජනපද වෛද්‍ය වෘත්තිකයන් විසින් එහි තිබී හමුවූ බව කියන දේහ කොටස් පිළිබඳ විධිමත් විශ්ලේෂණයක් සිදු කරනු ඇති බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

මෙම අනතුරට හේතු සොයා බැලීමේ පරීක්ෂණ තවමත් මුල් අදියරේ පවතින අතර වෙරළාරක්ෂක බලකායේ සමුද්‍ර විමර්ශන මණ්ඩලය සබ්මැරීන කොටස් (MBI) වැඩිදුර විශ්ලේෂණය සහ පරීක්ෂණ සඳහා සාක්ෂි එක්සත් ජනපද වරායකට ප්‍රවාහනය කරනු ඇති.

වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානී කපිතාන් ජේසන් නියුබවර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ටයිටන් සබ්මැරීනයේ අනතුරට හේතු වූ කරුණු අවබෝධ කර ගැනීමට සහ එවැනි ඛේදවාචකයක් නැවත සිදු නොවීමට වග බලා ගැනීම සඳහා තවත් සැලකිය යුතු පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කළ යුතුව ඇති බවයි.

පසුගිය 18 වනදා උතුරු අත්ලාන්තික් සාගරයේ මීටර් 3,800 (අඩි 12,500) ගැඹුරේ පිහිටා ඇති සුප්‍රසිද්ධ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගිය 5 දෙනාම සබ්මැරීනය දියත් කර මිනිත්තු 90ක පමණ කාලයකින් පසු මිය ගිය බවටයි සැලකෙන්නේ.

මෙම ගමන සංවිධානය කළ OceanGate හි ප්‍රධානියා වන 61 හැවිරිදි Stockton Rush, බ්‍රිතාන්‍ය ගවේෂක හමිෂ් හාඩින් 58, ෂාසාදා ඩාවුඩ් 48, සහ ඔහුගේ පුත් සුලේමාන් ඩාවුඩ් 19 මෙන්ම ප්‍රංශ කිමිදුම්කරු Paul-Henry Nargeolet 77 ඒ අතර වුණා.

මේ වන විට ටයිටැනික් නෞකාව අසල ඇති විශාල සුන්බුන් ක්ෂේත්‍රයකින් සබ්මැරීනයේ එකේ ප්‍රධාන කොටස් පහක් සොයාගෙන ඇති බව වෙරළාරක්ෂක අංශ පවසනවා.

බදාදා ගොඩබිමට ගෙන ආ සුන්බුන් අතර අවම වශයෙන් එක් ටයිටේනියම් එන්ඩ් කැප් එකක්, ටයිටේනියම් වළල්ලක්, ගොඩබෑමේ රාමුවක් තවත් කොටස් කිහිපයක් වන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
18
+1
9
+1
13
+1
74
+1
22
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?