spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජල භීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක්

වර්තමානයේ පවතින තත්ත්වය අනුව ඉදිරි දින වල රට පුරා ජල භීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

“පසුගිය කාලය තුළ මෙරට ජල භීතිකා රෝගය හේතුවෙන් සිදුවන මරණ අවම කර ගැනීමට ප්‍රධානතම හේතුව වුනේ සාර්ථක එන්නත් වැඩ සටහනක් බිම් මට්ටමේ ක්‍රියාත්මක වීම නිසයි.නමුත් අවසනාවන්ත ලෙස මේ වන විට ජල භීතිකා රෝගය පාලනය කිරීම සදහා සුනඛයින් එන්නත් කිරීම අඩාල වී තිබෙනවා.සුනඛයින් සදහා ලබා දෙන එන්නත් වල ඇති හිගය එයට හේතුව වී තිබෙනවා. සාමාන්‍ය ආකාරයට සුනඛයින් සඳහා වසරකට වරක් එන්නත් ලබා දිය යුතු වුවත් පසුගිය මාස කීපය තුළම එන්නත්කරණ වැඩ සටහන් ක්‍රියාත්මක වුනේ නෑ.

රට පුරා පැතිර ගිය කොවිඩ් හේතුවෙන් මාස 05 ක පමණ කාලයක් මෙම වැඩ සටහන අක්‍රීය වී තිබුණා.එමෙන්ම ඉන්ධන ගැටළුව නිසා පසුගිය මාසයක පමණ කලයක් සුනඛයින් එන්නත් කරන වැඩ සටහන ක්‍රියාත්මක වුනේ නෑ. මෙම තත්ත්වය නිසා අපිට කියන්න පුළුවන් වන්නේ සුනඛයින් එන්නත් කිරීම පසුගිය කාලය තුළ විශාල වශයෙන් කඩා වැටුණු බවයි.මෙම තත්ත්වය නිසා ඉදිරි කාලය තුළ ජල භීතිකා මරණ වාර්තා වීමේ වැඩි වීමක් ඇති විය හැකි බවටයි අපි සැක පහල කරන්නේ.
මෙම තත්ත්වය නිසා අපි මහජනතාවට අනතුරු හැගවීමක් කර සිටිනවා සුනඛ සපා කෑම් වලින් හැකි තරම් දුරට වැළකී සිටින ලෙස.එමෙන්ම කිසියම් සැක සහිත සුනඛ සපා කෑමක් සිදු වුවහොත් ළගම පිහිටි රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත් අපි මතක් කර සිටිනවා.

කෙසේ වෙතත් අපි රජයේ බලධාරීන්ට කියා සිටින්නේ ජල භීතිකා රෝගය මෙරට පැතිර යාම පාලනය කිරීමට නම් කළ යුතු එකම දේ වන්නේ අවශ්‍ය කරන එන්නත් කඩිනමින් මෙරටට ගෙන්වා බිම් මට්ටමට ලබා දීම බවත් මතක් කරන්න කැමතියි.”

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් එසේ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?