spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජර්මන් ජාතික සංචාරක පිරිසක් දිවයිනට (ඡායාරූප)

ජර්මන් ජාතික සංචාරක නියෝජිතයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ශ්‍රී ලංකාවේ දින 07 ක අධ්‍යයන චාරිකාවක් සදහා 02/01 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඔවුන්ගේ අධ්‍යයන චාරිකා කාළසීමාව තුළ ශ්‍රී ලංකාවේ හබරණ , දඹුල්ල , මහනුවර , නුවරඑළිය , බෙන්තොට සහ ගාල්ල යන ප්‍රදේශ වල සංචාරයේ නියැලෙන්නට බලාපොරොත්තු වන බව වාර්තා වෙනවා.

ජර්මනියේ සංචාරකයන් තායිලන්තය , බාලි දූපත් , ඉන්දියාව සහ වියට්නාමය වැනි දකුණු ආසියානු කළාපයේ රටවල සංචාරය සඳහා යොමු වී සිටින අතර ඔවුන්ට නව සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දීමට මෙම සංචාරය තුළින් අපේක්ෂා කෙරෙනවා .

සංචාරක නියෝජිතයන් පිරිස අද (01) දින අලුයම 05.19 ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 555 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් සහ මෙම වැඩසටහන සංවිධානය කරන , පාටා ජර්මනි සංචාරක සේවා නියෝජිත ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?