ජනාධිපතිවරයාට එරෙහි තවත් නඩුවක් ඉවතට

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් මිල දී ගැනීමේ ටෙන්ඩරයක් අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ රිට් පෙත්සමක වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි ජනාධිපතිවරයාට එරෙහිව එම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව අභියාචනාධිකරණය අද තීරණය කළා.

විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අදාළව රුවන් ප්‍රනාන්දු සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

අදාල පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස ජනාධිපතිවරයා නම් කර තිබූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව මෙම නඩු කටයුත්ත පවත්වාගෙන යාමට නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා විසින් මීට පෙර අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබුණා.

එම මූලික විරෝධතා පිළිගත් අභියාචනාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව මෙම නඩු කටයුත්ත පවත්වාගෙන යාමට නොහැකි බව තීන්දු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?