spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීනයේ එක් තීරයක් එක් මාර්ගයක් මුලපිරුමෙන්  හවුල් රටවලට ඍණාත්මක බලපෑම් – සමීක්ෂණ වාර්තාවක් හෙළි කරයි

චීනයේ එක් තීරයක් එක් මාවතක් මුලපිරුම  මගින් එහි හවුල්කාර රටවලට ඍණාත්මක බලපෑම් ගණනාවක් ඇති බව  දකුණු-දකුණු පර්යේෂණ මුලපිරුම   (south- south research initiative) සිය වාර්තාවක් මගින් පෙන්වා දෙනවා .

ඒ සැම්බියාව, පකිස්ථානය, ලාඕසය, ඇන්ගෝලාව සහ ශ්‍රී ලංකාව යන රටවල සිදු කළ  කරුණු විශ්ලේෂණයකින් පසුවයි.
චීනයේ එක් තීරයක් එක් මාවතක් මුලපිරුම යටතේ ක්‍රියාත්මක ඇතැම් වැඩසටහන්, එමගින් හිමිවන දිගු කාලීන ප්‍රතිලාභ ගැන ප්‍රමාණවත් සැලකිල්ලක් නොදක්වා කඩිනමින් ක්‍රියාත්මක කරන ලද ඒවායි.

එවැනි වැඩසටහන් බොහෝ විට ආණ්ඩු සහ ප්‍රතිපත්තිවල පිටුබලය මත දැඩි ලෙස රඳා පවතිනවා .

ඇතැම් රටවල් ඊට සහයෝගය දැක්වුවදබ්ඊට දායක වීමට ඔවුන් පසුබට වන්නේ චීනය වියදම්වලින් වැඩි කොටසක් ආවරණය කළ යුතු බවට ඔවුන් උපකල්පනය කිරීම හේතුවෙන් .

දකුණු-දකුණු පර්යේෂණ මුලපිරුමට අනුව, චීනය බොහෝ දුරට අවධානය යොමු කර ඇත්තේ සිවිල් සමාජ කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන්ගේ ගැටලුවලට ප්‍රමාණවත් සැලකිල්ලක් නොදක්වා රාජ්‍ය ආයතන සමඟ අන්තර් ක්‍රියා කිරීමටයි .

සැම්බියාව, පකිස්ථානය, ඇන්ගෝලාව, ලාඕසය සහ ශ්‍රී ලංකාව සමඟ චීනය සම්බන්ධ වීමෙන් ඒ බව  වඩාත් හොඳින් නිරූපණය වන බවයි දකුණු-දකුණු පර්යේෂණ මුලපිරුම  සිය වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

2013 දී චීනය විසින් දියත් කරන ලද එක් තීරයක් එක්  මාවතක්  මුලපිරුම  හේතුවෙන්  ඊට සම්බන්ධ වූ සෑම රටකම ආර්ථික, සමාජීය සහ දේශපාලන වෙනස්කම්වලට භාජනය වීමට සිදු වූ බව ද එම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා .

සැම්බියාවේදී, චීන ආයෝජනවලින් ප්‍රතිලාභ ලබා ගැනීමට රජය විසින් කිසිදු උපාය මාර්ගයක් සකස් කර නොමැති අතර  ඒ වෙනුවට චීන ආයෝජකයින් සැම්බියාවේ  කාර්මික අංශය විනාශ කරන ආකාරය දෙස රජය ඇස් පියාගෙන බලා සිටින බවටද චෝදනා එල්ල වනවා.

පකිස්ථානයේ බොහෝ දෙනෙකුටද  විශාල චීන ධීවර යාත්‍රා සමඟ තරඟ කිරීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ භීතිය ද  මේ වනවිට යථාර්ථයක් බවට පත් වී තිබෙනවා .

ඒ අනුව චීනයේ  එක් තීරයක් එක් මාවතක් මුලපිරුම යටතේ වන ව්‍යාපෘති පාකිස්තානයේ සමාජ නොසන්සුන්තාවට හා  ආර්ථික අස්ථාවරත්වයට  හේතු වී ඇති බවයි අදාළ වාර්තවෙන් පැහැදිලි කර ඇත්තේ .

ලාඕසය චීනයට ණයගැති වීම හරහා ලාඕසයේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට බලපෑම් කිරීමට චීනය බලය භාවිත කිරීමේ තත්ත්වයක් ද නිරීක්ෂණය වී තිබෙනවා.

චීන ව්‍යාපෘති ක්‍රියාත්මක වූ  රටවල් පහේම දැකිය හැකි තත්ත්වය වන්නේ  මෙම චීන ආයෝජනවල ප්‍රතිඵලවලින් ප්‍රයෝජන ගත නොහැකි වීම මත ජනගහනයේ අතෘප්තිය ඉහළ ගොස් තිබීමයි.

එවැනි ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව යටිතල පහසුකම් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ තම  ස්වයං පාලනය කැප කිරීමේ මට්ටමක් දක්වා වැටී ඇති බවයි අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ.

එක් තීරයක් එක් මාවතක්හි ආයෝජනයන්ගෙන් සැලකිය යුතු කොටසක් චීන රාජ්‍ය ආයතනවලින් ලැබෙන හෙයින්, ශ්‍රී ලංකාවේ වර්ධනය වන ණය බර සහ ස්වෛරීභාවය අහිමි වීම පිළිබඳ මතුව ඇත්තේ කනගාටුදායක ත්ත්වයක් .

එසේම ශ්‍රී ලංකාවේ  ක්‍රියාත්මක චීන එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘති තුළින් පෙන්නුම් කරන්නේ විනිවිදභාවයක් නොමැතිකම , දූෂණය සහ   පාරිසරික බලපෑම් බවයි දකුණු-දකුණු පර්යේෂණ මුලපිරුම  සිය වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?