spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගොයම් වගාව ආශ්‍රිත රෝග පාලනයට පියවර

මේ දිනවල දිස්ත්‍රික්ක කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන කහ පුල්ලි රෝගය, කීඩෑ උවදුර හා වටපණු රෝගය ආදී රෝග පාලනයට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී උපදෙස් ලබා දී තිබෙනවා.

වී වගාව ආශ්‍රිතව දිස්ත්‍රික්ක හතරක පමණ මෙම රෝග දක්නට ලැබෙන බැවින් රෝග ව්‍යාප්තිය පාලනය සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මෙහිදී සඳහන් කළා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිළධාරි කණ්ඩායම් ඒ දිස්ත්‍රික්කවලට පිටත් කර යවා ඇති අතර රෝග පාලනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධවත්, නිර්දේශ කරනු ලබන කෘමිනාශක පිළිබඳවත් ගොවි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.

මෙම රෝග තත්ත්ව පාලනය සඳහා සියලු පාර්ශ්ව කැදවා මෙම සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට අමාත්‍යවරයා යෝජනා කළ අතර, මෙම කටයුතු සදහා අවශ්‍ය සියලු මුල්‍ය ප්‍රතිපාදන රජය මගින් ලබ දීමට ද කටයුතු කරන බවට අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?