spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගිනි තබාගත් බිරිඳ බේරා ගැනීමට ගිය සැමිය ගින්නෙන් පිළිස්සෙයි

සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගත් දරුවන් සිටින මවක සහ එය නිවීමට ගිය සැමියා ගින්නෙන් පිළිස්සී කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (24) බේරුවල පොලිස් වසමට අයත් සමඩ්මාවත ප්‍රදේශයේ අඹුසැමියන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් කතාබහක් දුරදිග ගොස් බිරිඳ නිවසේ ප්ලාස්ටික් කෑන් එකක තිබූ භූමිතෙල් සිරුරට හලාගෙන ගිනි තබා ගෙන තිබෙනවා.

ස්වාමි පුරුෂයා සිතේ ඇති ඇතිවූ අමනාපකම ඉවත දමා ගිනි ඇවිලෙමින් තිබූ බිරිඳගේ සිරුර නිවා දැමීමට උත්සහ දැරීමේදී ඔහුද පිළිස්සීම් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

ස්වාමිපුරුෂයා සහ බිරිඳ අවුරුදු 28, සහ 24 වයසේ පසුවන්නන් බව පොලිසිය පැවසුවා.

පිළිස්සුම් තුවාල ලැබූ දෙදෙනාම කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, පිළිස්සුම් තුවාල ලබා ඇති කාන්තාව මේ වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයිද තත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?