ගාල්ල – දඩල්ලේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

ගාල්ල, දඩල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයා 36 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර,තුවාල ලැබූ අනෙක් පුද්ගලයා 18 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

දඩල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයකින් පසු පැවති DJ සංගීත සංදර්ශනයක් අතර තුර ඊයේ (15) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

මෙම වෙඩි තැබීම සඳහා දෙදෙනෙකු පැමිණ ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයා සහ වෙඩි තැබීම සිදුකළ සැකකරු අතර, නීති විරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් කලක සිට අමනාපයක් පැවති බවට හෙළිව තිබෙනවා.

ඒ, අනුව මෙම වැඩි තැබීම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

වෙඩි තැබීම සිදුකල සැකකරු සහ ඝාතනයට ලක්වූ පුද්ගලයින් දෙදෙනා ඥාතීන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?