spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගංජා හේනක් වටලා දෙදෙනෙක් අල්ලයි (ඡායාරූප)

බුත්තල කඳවුරේ විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කතරගම පොලිස් වසමේ සෙල්ලංගල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ගංජා හේනක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී අක්කර 01 ක පමණ භූමි ප්‍ර‍මාණයක නීති විරෝධී ලෙස වගා කර තිබු අඩි 08 ක් පමණ වු උස ගංජා ගස් 15,000 ක පමණ හේනක් සොයා ගෙන තිබෙනවා.

මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38, 63 ක් වන පුද්ගලයින් දෙදෙනෙකුයි මෙසේ අත්අඩංගුවට ගැනුනේ.

ඔවුන් සතුව තිබී ජංගම දුරකථනයක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?