spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් අත්අඩංගුවට

තලංගම රෙදිපිලි අලෙවිසැලක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි අඹුසැමි යුවළ කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවා

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් 26 හා 27 හැවිරිදි වියේ පසුවන්නන් බවත් පොලිසිය වැඩිදුරටත් පැවසුවා

ඉකුත් 30 වෙනි දින ව්‍යාපාරිකයා අතුරුදන්ව තිබූ අතර ඔහුගේ මළ සිරුර ඊට දින දෙකකට පසු පැලවත්ත එම් ඩි එච් පුර ඉඳිකරමින් පවතින ඔහුට අයත් සුඛෝපභෝගී තෙමහල් නිවස පිහිටි භූමියේ නාන තටාකයේ පාවෙමින් තිබියදී තලංගම පොලිසිය මගින් සොයා ගෙන තිබුනා.

ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් අනතුරුව ව්‍යාපාරිකයාට අයත් සුඛෝපභෝගී මෝටර් රථය ජංගම දුරකථන සහ මුදල් පසුම්බිය රැගෙන ගොස් තිබූන අතර අදාල ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටියදී කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් අනුව සැකකාර යුවල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර අඹුසැමි යුවළගෙන් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට හේතුව දැනගැනීම සඳහා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ කොට්ඨාසය වෙත බාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?