spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කේරළ ගංජා තොගයක් සමඟ අයෙකු තණමල්විල දී අත්අඩංගුවට

ඉන්දියාවේ සිට නීති විරෝදීව මෙරටට ගෙන්වූ අධික වටිනාකමක් ඇති කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඊයේ (11) දින අම්බලන්තොට විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි තණමල්විල ප්‍ර‍දේශයේ දී මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

එහි දී ඉන්දියාවේ සිට හොර රහසේ මෙරටට මහා පරිමාණයෙන් ගෙන්වන ලද ලක්ෂ 33 කට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ 38, ග්‍රෑම් 450 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මොහු බලහරුව, ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයක්.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?