spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුරුණෑගල නගරාධිපති තනතුරේ පුරප්පාඩුව සුමිත් කුමාර උඩවාසලගේට (ඡායාරූප)

ඊයේ (23 ) වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අතින් කුරුණෑගල මහ නගර සභාවේ පුරප්පාඩුව පවතින නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා සුමිත් කුමාර උඩවාසලගේ මහතා වෙත ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කර තිබුනා.

කුරුණෑගල නගරාධිපතිවරයාව සිටි තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුවයි මෙම පුරප්පාඩුව පැවතුනේ.

නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා පත් කරන ලද උඩවාසලගේ මහතා කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කර තිබෙනවා.

මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම් අයි.එම්.ඉලංකෝන් , කුරුණෑගල නාගරික කොමසාරිස් ඒ.බී.සී.ආලෝක බණ්ඩාර, වයඹ පළාත් පාලන කොමසාරිස් එස්.එච්.කේ.ජයලත් මහත්වරු සමඟ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගී වි සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?