spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිලිනොච්චි පාරේ වී වේලීම නිසා අයෙක් ජීවිතක්ෂයට

කිලිනොච්චිය පරන්තන් පුනරින් මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව කිලිනොච්චිය පොලිසිය සඳහන් කරනවා.

අදාළ මාර්ගයේ එක් මං තීරුවක සම්පූර්ණයෙන් වී වේලීම නිසා කැබ් රථයක් හා යතුරු පැදියක් එකම මංතීරුවක ගමන් කිරීමෙන් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු වයස අවුරුදු 35 ක් වන දෙදරු පියෙක්.

ඒ අනුව සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ මෘත දේහය කිලිනොච්චිය රෝහලේ තැම්පත් කොට ඇති අතර අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?