spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැරලිකරුවාට වසර 7ක සිර දඩුවමක්

2021 වසරේ ජනවාරි 6 වන දා අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය පවත්වාගෙන යන කැපිටල් ගොඩනැගිල්ල ආශ්‍රිතව ඇති වූ කැරල්ල මෙහෙයවූ බවට චෝදනා එල්ල වී සිටි ගයි රෙෆිට් හට වසර 7කට වැඩි සිර දඩුවමක් නියම කර තිබේ.

49 හැවිරිදි ගයි රෙෆිට් ටෙක්සාස්හි පදිංචි තෙල් කම්කරුවෙකු බව පැවසේ.

නඩු විභාගයේදී යොදා ගැනුණු වීඩියෝ දර්ශනවලට අනුව අනාවරණය වී තිබුණේ, ඔහු පොලිසිය සමග ගැටුම් ඇති කර ගනිමින් කැපිටල් ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් කැරලිකරුවන් ඇතුළු කිරීමට උත්සහ කර ඇති බව ය.

මෙහිදී ඔහුට එරෙහිව ඔහුගේ පුත්‍රයා ද සාක්ෂි ලබා දීම විශේෂත්වයකි.

ඔහුගේ පුත්‍රයා වන ජැක්සන් රෙෆිට් සාක්ෂි ලබා දෙමින් පවසා තිබුණේ, සිය පියා “ඔබ මාව නතර කරන්නේ නම් ඔබ ද්‍රෝහියෙක්. ද්‍රෝහීන්ට දඩුවම මරණය,” යනුවෙන් තමන්ට ද තර්ජනය කළ බව ය.

අදාළ දිනයේදී රූගත කරන ලද දර්ශනවලින් ද අනාවරණය වී ඇත්තේ, ඔහු කැරලිකරුවන්ට අනුබල දෙමින් ක්‍රියා කළ බව ය.

ඊට අමතරව, අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක නැන්සි පෙලෝසි කැපිටල් ගොඩනැගිල්ලෙන් පිටතට ඇදගෙන ඒමට සැලසුම් කර ඇතැයි ඔහු සිය ආධාරකරුවන්ට පැවසූ බව අධිකරණ සාක්ෂිවල සටහන් වී තිබේ.

“ඇයගේ හිස පඩිපෙළේ සෑම පඩියක ම වදින ආකාරයට ඇයව ඇදගෙන යනවා,” ඔහු පවසා තිබිණි.

මෙම කරුණු සැලකිල්ලට ගත් අමෙරිකාවේ ටෙක්සාස් දිස්ත්‍රික් අධිකරණ විනිසුරු ඩැබ්නි ෆ්‍රෙඩ්රික් විසින් ගයි රෙෆිට්ට මාස 87ක සිර දඩුවමක් නියම කරන ලදී.‍

2021 කැපිටල් ගොඩනැගිල්ලේ කැරැල්ල සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දුන් පළමු චූදිතයා ඔහු විය.

මෙම කැරැල්ලට සම්බන්ධ වූ පුද්ගලයින් 900 දෙනෙකුට ආසන්න පිරිසකට අධිකරණයේ චෝදනා ගොනු කර තිබේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් නියම වූ බරපතළ ම දඩුවම ගයි රෙෆිට්ට හිමි වී ඇත.

2021 වසරේ පැවති අමෙරිකානු මැතිවරණයෙන් ඩිමොක්‍රටින් පක්ෂයේ අපේක්ෂකයා වූ ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය පිළිගැනීමට නොහැකි බව පවසමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පිරිසක් කැපිටල් ගොඩනැගිල්ල ආක්‍රමණය කිරීමට උත්සහ කළහ.

image 26
image 27
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?