spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැබිතිගොල්ලෑව වැඩබලන ස්ථානාධිපතිවරයා රෝහල් ගත වෙයි

අද (24) දින කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් තමන්ට පහර දුන් බව පවසමින් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රෝහල් ගත වී තිබෙන අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මෙම පහරදීම හේතුවෙන් ස්ථානාධිපතිවරයාගේ මුඛය අභ්‍යන්තරයට සහ කම්මුල ප්‍රදේශයට හානි සිදුවී ඇති බව සඳහන්.

කැබිතිගොල්ලෑව කොට්ඨාශ දුෂණ මර්ධන අංශය විසින් ඉකුත් (22) වනදා ගෝඩා ලීටර් විස්සක් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් අවශ්‍ය ලියවිල්ලක් ලබා ගැනීම සඳහා ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ කාර්යාලයට පැමිණි අවස්ථාවේදී තමන්ට මෙම පහරදීම සිදුකළ බව පහරකෑමට ලක්වු වැඩබලන ස්ථානාධිපතිවරයා සිය දෛනික සටහන් පොතේ සටහන් කර කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් වි ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් අප කළ විමසීමකදී එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඔහු පැවසුවා.

වැඩ බලන ස්ථානාධිපතිවරයා තුවාල ලබා ඇත්තේ පහරදීමකින් නොව ඇදවැටීමකින් බව පැවසූ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා පහරදීමක් සිදුවී ඇත්නම් සහකාර පොලිස් අධිකාරී වරයෙකුලවා පරීක්ෂණයක් පැවත්විය යුතු බව ද වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?