spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාර්ය මණ්ඩලය නැතුව නතරවූ දුම්රිය අද සිට ධාවනයේ

කාර්යය මණ්ඩලයේ හිගතාව හේතුවෙන් පසුගිය දිනවල අවලංගු කෙරුණු දුම්රිය ගමන් වාර කිහිපයක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ විශේෂ උපදෙස් අනුව අද සිට යළි ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව උදෑසන 5ත් පස්වරු 7ත් අතර කාලය තුල ධාවනය වෙමින් තිබියදී සේවක හිගය හේතුවෙන් අවලංගු කෙරුණු දුම්රිය අද සිට යළි ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා කියාසිටියේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව මෙවර උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂයෙන් දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර තිබෙනවා.

උසස් පෙළ විභාගය වෙනුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 12ක් සහ මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 4ක් ලෙස ගමන්වාර 16ක් යොදවා තිබෙනවා.

මෙම දුම්රියන් ධාවනය වන්නේ සාමාන්‍ය දුම්රිය ධාවන කාලසටහනට අමතරවයි.

එමෙන්ම දැනට දුම්රිය කාලසටහනට අනුව ධාවනය වන දුම්රියන් ද ඒ ආකාරයෙන්ම ධාවනයට එක් කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා සඳහන් කළේ.

කිසියම් දුම්රියක් ප්‍රමාද වන්නේ නම් හෝ විභාගයට යන සිසු සිසුවියන්ට අපහසුතාවක් සිදුවන්නේ නම් එම අවස්ථාවල ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියන් මන්දගාමී කර විභාග අපේක්ෂකයන්ට පහසුකම් සලසන බව ඔහු සඳහන් කළා.

එමෙන්ම උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ධාවනය වන දුම්රිය ගමන්වාර අධීක්ෂණය සඳහා සහකාර ප්‍රවාහන අධිකාරිවරයෙකු ද පත් කර ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉඳිපොලගේ පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?