spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවන් සවිබල ගැන්වීමේ කෙටුම්පත ලබන වසරේ අවසන් කරනවා

කාන්තාවන් සවිබල ගැන්වීමට අදාළ පනත් කෙටුම්පත ලබන වසර පළමු සය මස තුළ අවසන් කිරීමට කටයුතු කරන ලෙස ඉකුත් 15 වෙනිදා පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ විශේෂ රැස්වීමට සහභාගී වූ ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලබාදුන්නා.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සම්පාදනය කරන පනත් කෙටුම්පත ලබන වසරේ පළමු සය මස තුළ අවසන් කරන ලෙස ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට උපදෙස් ලබා දුන්නේය.

මේ වන විට කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එක්ව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සම්පාදනය කරන මෙම පනත් කෙටුම්පතේ මූලික කටයුුතු අරඹා ඇති බව මෙහිදී එම සංසදයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

එසේම රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසීංහ මහත්මිය ඇතුළු මන්ත්‍රීවරියෝ කාන්තාවන්ට සහ ළමුන්ට අදාළව පවතින ගැටලු සහ ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළහ.

එසේම කාන්තා සහ ළමා කටයුතු සදහා අවශ්‍ය සේවක පිරිස්වලට විදෙස් පුහුණුවක් අවශ්‍ය නම් ඒ සදහා කටයුතු තානාපති කාර්යාල හරහා සංවිධානය කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ පවතින පුරප්පාඩු කඩිනමින් විසදීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය. එසේම සෑම පොලිස් ස්ථානයකම පෞද්ගලිකත්වය ආරක්ෂා වන අයුරින් කාන්තාවන්ගෙ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා පොලිස් නිලධාරිනියන් යොදවා ඉඩකඩ වෙන්කරන ලෙස පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවටද ජනාධිපතිවරයා සදහන් කළේය.

මීට අමතරව වයස වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ ගතවීම වැළක්වීමේ අවශ්‍යතාව, බන්ධනාගාරගත කාන්තා රැදවූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුළු කාන්තාවන් සහ ළමුන් සදහා වන ගැටලු සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුවිය.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන තලතා අතුකෝරාල, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, මුදිතා ප්‍රිශාන්ති, ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්මීහු ද කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?