spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කරවල බැදුමකට සැමියා ගිනිතබා ගනියි

ඊයේ (01) දින බිරිඳ සමඟ ඇති වූ බහින් බස් වීමකින් සිත් තැවුලට පත් පුද්ගලයකු ගිනි තබාගෙන බරපතළ පිලිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය පොලිස් වසමට අයත් මහකනදරාව,සමගි මාවත පදිංචි 48 හැවිරිදි දෙදරු පියෙක්.

ඊයෙ (01) රාත්‍රී 8.45 ට පමණ මියගිය පුද්ගලයාගේ නිවසේ කාමරයකදී මෙලෙස ගිනි තබා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයා තදින් බීමට ඇබ්බැහි වී සිටි අයකු බවත් එදින ද සුපුරුදු පරිදි අධික ලෙස බීමත්ව නිවෙසට පැමිණ ඇති බවත්
එහිදී බිරිඳ විසින් රාත්‍රී ආහාරය සඳහා සූදානම් කර තිබූ කරවල ව්‍යංජනයක් අධික ලෙස පිළිස්සී තිබුණු නිසා කෝපයට පත්වු මරණකරු බිරිඳ සමඟ බහින්බස් වී කාමරයකට ගොස් නිවසේ වෙනත් අවශ්‍යතාවයක් සඳහා ගෙනැවිත් තිබූ පෙට්ට්‍රල් බෝතලයක් ඇඟ පුරා හලාගෙන ගිනි තබාගෙන ඇති බවට අනාවරණය වෙනවා.

ගිනි ගැනීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ මියගිය පුද්ගලයා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබුණත් එහි දී ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

සිරුර අද (02) දහවල් වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණ අතර ස්ථානීය මරණ පරීක්ෂණ කටයුතු සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?