spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔහු යුධ හමුදාවට සම්බන්ධ වෙලා පැරලයිස් වෙලා ඉද්දි තමයි මම ඔහු සමඟ ප්‍රේම සම්බන්ධය පටන් ගත්තෙ

කෙනෙක්ව ලස්සන කරන්න හැමෝටම බෑ.ඒකට දක්ශකම වගේම පළපුරුද්දත් අවශ්‍යයි.මේ සියලු දේ ගැන නිර්මාණශීලීව ගලපගෙන ලස්සන ලියන් මනාලියන් කරවන ඇය තමයි “චම්පි සිරිවර්ධන” කියන්නෙ.නමින්ම ඇය රූපලාවණ්‍ය ක්ශේත්‍රයේ බැබළෙන දීප්තිමත්ම තරුවක්.ඇගේ නිහතමානීකම එක්ක ඇය මේ ආව සාර්ථක ගමන ගැන අපි අද ඇයගෙන්ම අහුවා…ඉතිං අද අපේ කතාබහ වෙන්වුනේ මේ දක්ශ රූපලාවණ්‍ය ශිල්පිනිය සමඟයි..

ආයුබෝවන් චම්පි!

ආයුබෝවන්!

ඉතිං චම්පි කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳයි.හැබැයි වගකීම් කියන දේවල් වැඩියෙන් දැනෙන කාලයක්.ජීවිතයට වගකීම් තියෙනවා තමයි,ඒත් මේ කාලේ වගකීම් වල බැරෑරුම්කම දැනෙනවා වැඩියි.

චම්පික සම්පූර්ණ නම/ කැමතිනම් වයස?

සම්පූර්ණ නම චම්පිකා ශිරාණි සිරිවර්ධන.
හෙටට හරියටම අවුරුදු හතළිස් හතරයි.

කෙනෙක්ව ලස්සන කරන්න හැමෝටම බැහැ.ඔබ කොහොමද මේ ශිල්පය ඉගෙන ගත්තේ?

ලස්සන වෙන්න වගේම ලස්සන කරන්න පොඩි කාලේ ඉඳන් ලොකු ආසාවක් තිබ්බා.රැකියාවක් කරන්න තිබ්බ අවශ්‍යතාවය පොඩි කාලේ ඉඳන්ම වගකීමක් විදියට දැනුනා.ඒත් රැකියාවක් කරනවට වඩා මට වුවමනාව තිබ්බේ ව්‍යාපාරයක් කරන්න.ඒ උනන්දුව නිසා මම ඒ තැන් වලට ඉක්මනටම ලඟාවුනා.මම ඉක්මනටම තෝරගත්තෙ මනාළියන් හැඩගැන්වීම.ඒ ලෙවල් කරනකොට තමයි මම මේ දේවල් පටන් ගත්තෙ.ඉක්මනටම මට ඒ තැනට එන්න ලැබුණා.

චම්පි,මේ දවස් වල හතු පිපෙනවා වගේ salons open වෙනවා,ගොඩක් අය හරි විදියට මේ ගැන දැනුවත් නැහැ කියලයි මිනිස්සු හිතන්නෙ.ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

ඇත්තටම අපි ක්ෂේත්‍රයට එන කාලේ තමයි හතු පිපෙනවා වගේ salons open වුනේ.ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති අය තමයි හිටියෙ. නමුත් දැන් ක්ෂේත්‍රයට එන අය මම හිතන්නේ නෑ අපි වගේ දැනුම අඩුවෙන් පටන් ගත්තා කියලා.මොකද ඒගොල්ලන්ට ඉගෙන ගන්න අවස්ථා ගොඩක් තියෙනවා.අලුත් දේවල් හොයන්න වගේම එක දවසකින් ගොඩක් දැනුම එකතු කරගන්න පුලුවන් දේවල් මේ විශ්ව ගම්මානය ඇතුලෙ තියෙනවා.ඒ ළමයි updated.ඒගොල්ලො දැනුමෙන් සන්නද්ධ යි. හැබැයි ඒගොල්ලන්ට අත්දැකීම් අඩුකමක් තමයි මම දකින්නේ.මං කියන්නේ ඒ අත්දැකීම් ටිකත් එකතු කරගන්න ඕන එයාලා,නොමිලේ සේවාවන් හරි ලබා ලබා දීලා ඒ අත්දැකීම් ටික කොහොම හරි ගන්න.මොකද එයාලට දැනුම හොයාගන්න අවස්ථා ගොඩක් තියෙනවා.

ඔබ ක්ෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් විදියට රූපලාවණ්‍ය ශිල්පියා කියන නමට නිර්වචනයක් දෙන්න කිව්වොත් ඔබ කොහොමද ඒක කියන්නේ?

රූපලාවන්‍ය ශිල්පියා කියලා කියන්නේ හොඳ ඇහැක් වගේම හොඳ හදවතක් තියෙන කෙනෙක්.හොඳ හදවතක් තියෙන්න ඕන කෙනෙක්ව නිර්ලෝභීව ලස්සන කරන්න.හොඳ ඇහැක් තියෙන්න ඕනේ තමන්ගේ ඇහෙන් ඒ ලස්සන මතුකරගන්න.ඉතින් හොඳ ඇහැක් වගේම හොඳ හිතක් තියෙන කෙනෙක්ට පුළුවන් තව කෙනෙක්ව ලස්සන කරලා තමන්ගේ ජීවිතෙත් ලස්සන කර ගන්න

චම්පි සිරිවර්ධනගෙ පවුලේ විස්තර කිව්වොත්?

මගේ පවුලෙ විස්තර කිව්වොත් මගේ සැමියා විශ්‍රාමික මේජර්වරයෙක් යුධ හමුදාවෙ.මට පුතාලා දෙන්නෙක් ඉන්නවා.එක්කෙනෙක්ට අවුරුදු දොලහයි.අනිත් එක්කෙනාට අවුරුදු අටයි.දෙන්නම කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගනගන්නවා.

චම්පි සිරිවර්ධන ගේ ගුරුවරයා කවුද?

මගේ ගුරුවරු කීප දෙනෙක්ම ඉන්නවා.මුලින්ම මම ශ්‍රියානි මාකවිට කියන ගුරුතුමියගෙන් ඉගෙන ගත්තා.ඊට පස්සේ මංගලා රාජපක්ෂ මිස්ගෙන් ඉගෙන ගත්තා.වැඩිදුර ඉගෙන ගත්තෙ තිලක් ද සිල්වා ගුරුතුමාගෙන්

මොනවද ඉදිරියට කරන්න හිතන් ඉන්න වැඩ කටයුතු?

ඉදිරියට කරන්න තියෙන වැඩ නම් ගොඩක් තියෙනවා.මම ව්‍යාපාර කරන කෙනෙක් විදියට මම ව්‍යාපාරවල ඉදිරිය ගැන නිතරම හිතනවා.මනාලියන් හැඩගැන්වීම වගේම රූපලාවණ්‍ය පාසලක් මම පවත්වාගෙන යනවා.ඊට අමතරව Tummy Time කියලා කේක් Factory එකක් කරගෙන යනවා.design by me කියලා ගාමන්ට් එකක් කරගෙනත් යනවා.ඔය හතරෙම ඉදිරි වැඩකටයුතු ගොඩක් ප්ලෑන් කරලා තියෙනවා.

රටේ කොච්චර ගැටලු තිබුණත් ඒ අභියෝග දිනාගෙන ඉදිරියට යන විදිය තමයි හැමවෙලේම හිතන්නේ.අභියෝග ආශිර්වාදයක් කරගෙන මම ඉස්සරහට යනවා.ඒ හැම එකකම ඉදිරියේදි කරන්න දේවල් තියන්නවා.මගේ නිවස ඉදිරිපිට සැලෝන් එකක් මම ඉදිකරනවා.ඒක ඉක්මනින් කරගන්න ඕන.වැඩි පිරිසකට උගන්නන්න පුළුවන් අධ්‍යාපන ආයතනයක් එතනම පවත්වන්නයි සැලසුම් කරලා තියෙන්නෙ.ඒකත් කොහොමහරි කරගන්න ඕන.Tummy Time Cake ඇකඩමි කේක් නිශ්පාදන ආයතනය අධයාපන ආයතනයක් විදියටත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
මම දවසින් දවස ඉස්සරහට ඇදෙනවා මේ අභියෝග එක්ක.අභියෝග එක්ක තමයි ජීවිතේ ඉස්සරහට ඇදෙන්නෙ.ඒක මම ලස්සනට දකිනවා.

අද ඔබ ඉන්න තැන ඉදන් ආපස්සට හැරිලා බැලුවොත් මොකද මේ ආපු ගමන් මඟ ගැන හිතෙන්නේ? උදවු කරපු අය ගැනත් මතක් කරමු

ගොඩක් සතුටුයි.මම මගේ මහන්සියෙන්මයි ගොඩණැගුනෙ.මගෙ වටේ සෑහෙන්න පිරිසක් හිටියා.මුලින්ම මගෙ අම්මා,මට අසීමිත නිදහසක් වගේම පුදුම විශ්වාසයක් තැබුවා.මොකද මම මොනවා කරත් ඒක හරි දෙයක් කියලා අම්මා හිතුවා.ඒ වගේම ගෑනු ළමයෙක් විදියට එලියට බැහැලා මගේ ජීවිතේ දිනාගන්න දීපු නිදහස මාරම නිදහසක්.ඇය කිසිම දවසක මාව අගය කලේ නෑ.ඒක ගොඩාක් ලොකු දෙයක්.කොච්චර ලස්සන bride කෙනෙක්ව ඇන්දුවත් අම්මා මාව ලොකුවට අගය කලේ නෑ.ඒක මධ්‍යස්ථ විදියට ඇය දැකලා ඇය යටි හිතින් සතුටු වුණා.ඉදිරියට යන්න තියන ගමනට ඒක හොඳ උනන්දුවක් උනා.ඇය තව ලස්සන දේවල් කරන්න,තව ඉස්සරහට යන්න මාව උනන්දු කලා.මම හිතනවා මවක් විදියට මමත් දරුවන්ගෙ දේවල් අගය කරනවා වැඩියි.ඒක මගෙ අඩුපාඩුවක්.

මගෙ හස්බන්ඩ්ව මතක් කරන්න ඕන.මගේ පාසල් කාලෙ මගේ පන්තියෙම හිටිය මගේ යාලුවෙක් එයා.නමුත් අපි පාසල් කාලෙ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වුවෙ නෑ.ඔහු යුධ හමුදාවට සම්බන්ධ වෙලා කාලයක් පැරලයිස් වෙලා හිටියා.ඒ කාලෙදි තමයි මම ඔහු සමඟ ප්‍රේම සම්බන්ධය පටන් ගත්තෙ.ඔහු මගේ හෙවනැල්ල වගේ ඉන්නවා.ඒ වගේම තමයි මගේ සහෝදරයින් දෙන්නාව මතක් කරන්න ඕන.ඒ වගේම මගේ හස්බන්ඩ්ගෙ ෆැමිලි එකේ අය..ගොඩක් අය මාව හරි හොඳට තේරුම් ගත්තා.
මොනාහරි දේකින් මගේ ජීවිතේ බාධාවන් ඇති කරන මිනිස්සු මට හම්බුනත් ඒ හැම එකක්ම මම ගත්තෙ සුබවාදීව.එහෙම අය අඩුයි ඇත්තටම,ගොඩක් අය උදව් කරපු අය තමයි ඉන්නෙ.ආපස්සට හැරිලා බලනකොට මම අද හොඳ තැනක ඉන්නවා.සාර්ථකව ජීවත් වෙනවා.මම ගොඩක් අයගෙ ජීවිත සාර්ථක කරගන්න උදව් කරලත් තියනවා.ඉතිං ඒ සතුටත් එක්කම මගේ ජීවිතේ හොඳින් ගතකරන්නයි මට ඕන.ඒත් මේ යන විදියට අපි මොන තරම් සාර්ථක උනත් අපේ ජීවිත යම් අනතුරක කියලා මට හිතෙනවා.ඒත් ජීවිතේ ඉස්සරහට යනවා

සංවාදය – සචිනි සත්සරණි
Dasatha Lanka News

4a4f7be1 2e87 49ac bcb2 693d243574db
c8bec3ac 6249 4b3d 9bea 17d33f78497b
d38a332b 204e 4ec7 b0ae fade06b82e47
12c758ea 31d0 4821 8616 702506b5e7e9
d11a87d1 a9d7 4cee 9bfe 473bf6b1c08e
ce7b27d8 38b5 42e1 8a7d 0b782901cd28
f59a5ec6 2a57 4588 963f 9d51d92abd64
82786fd62444a6f9bed72296a1af558d
346013f8e3203c0ed8faf728d2f8ed0c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?