spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දරුණුතම තරඟ පරාජය ශ්‍රී ලංකාව ඉදිරියේ

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දරුණුතම පරාජය වැළඳගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදු වුණා.

ඒ ඉන්දියාව අතර අද පැවති තුන්වන සහ අවසන් එක්දින තරඟය ලකුණු 317කින් පරාජයට පත්වීමත් සමඟයි.

මෙම තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 390ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එම දැවන්ත ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් සහ විරාට් කෝලි ශතක වලින් දායක වූ අතර නායක රෝහිත් ශර්මා ලකුණු 42ක් රැස් කළා.

ශ්‍රී ලංකා පන්දු රකින්නන් නරඹන්නන් බවට පත්කළ විරාට් කෝලි ලකුණු 166ක් පන්දු 110ක් තුළ වාර්තා කිරීමට සමත් වුණා.

ලකුණු 391ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් එකිනෙකා ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට මොහොමඩ් සිරාජ් වැඩ ආරම්භ කළේ අවිශ්ක ප්‍රනාන්දු එක් ලකුණකට දවා ගනිමින්.

ඉන් නොනැවතුණු සිරාජ් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 04ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනු විසුනු කළා.

සිරාජ් ගෙන ආ පීඩනය දිගින් දිගටම ශ්‍රී ලංකා පිළට යොමු කරන්නට සෙසු ඉන්දීය පන්දු යවනනන් කටයුතු කළ අතර අවසානයේ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 22ක් තුළ සියල්ලන් දැවී ලකුණු 73ක් ලෙස කිය වී තිබුණා.

ඒ අනුව ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 317ක දැවැන්ත පරාජයක් උරුම වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?