spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉගනගෙන ආවොත් ක්ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන්

කලා ක්ෂේත්‍රය කියන්නෙ තරු පිරිච්ච අහසක්.මේ තරු අතර ප්‍රවීන වගේම නවක තරුත් බැබළීම ක්ෂේත්‍රයේ එළිය තව තවත් වැඩිවීමක්.ඉතිං මේ සුන්දර ක්ෂේත්‍රයේ තුළ ඉන්න තරුවකට අද අපි ඉඩ වෙන්කලේ සුන්දර කතාබහක් සඳහායි.අද අපේ ආරාධනාව යොමු වුණේ ක්ෂේත්‍රයට අලුතින් එකතු වුණු මෙන්ම ඒ කාලය තුළදී දැවන්ත ප්‍රේක්ෂකාදරයක් දිනාගත් ආදරණීය රංගන ශිල්පිනි හිරුණි රණසිංහට

හිරුණි ආයුබෝවන් !

ආයුබෝවන් !

කොහොමද හිරුණි ජීවිතේ?

ජීවිතේ හොඳයි.වැඩත් එක්ක ඉතිං ජීවත්වෙනවා

කොහොමද කරගෙන යන වැඩකටයුතු එහෙම?

වැඩ නම් සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා කියන්න අමාරුයි.අලුතින් පටන් ගන්න ගොඩක් වැඩ නැවතිලා තියනවා.දැනට ටෙලි නාට්‍යය තුනක විතර වැඩ කරනවා.ෆිල්ම් එකක් කලා.ඒවා තමයි ඉතින්.

කොහොමද ක්ෂේත්‍රයට එන්නේ?

මම මුලින්ම යූත් එකේ drama school එකට ගියා.ඉගෙනගෙන තමයි ක්ෂේත්‍රයට ආවේ.එතනදි මට ගොඩක් අය උදව් කළා.එහෙම තමයි ක්ෂේත්‍රයට එන්නේ.

ක්ෂේත්‍රය ගැන මොකක්ද හිරුණිගේ අදහස?

ඇත්තටම දැන්නම් ක්ෂේත්‍රය ගැන හිතන්න ටිකක් අමාරුයි.මේ ක්ෂේත්‍රය තුළ ඔලුව ගහන් ඉන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්.

ඇයි එහෙම කියන්නෙ?

දක්ෂයාට තැන තියෙනවා කියලා කිව්වට එහෙම නෑ.ලංකාවේ ඒකත් තියෙන්නේ 50% යි.

හිරුණි ක්ෂේත්‍රයට එන්නේ ඉගෙනගෙන,යම් අවබෝධයක් ඇතිව කියලා කිව්වනේ,එතකොට මේ ක්ෂේත්‍රය ගැන කිසිම අවබෝධයක් නැතුව අද ටික් ටොක් එකක් කරලා හරි වෙන මොන යම් හෝ දේකින් හෙට නිළියක් විදියට එලියට බහින අය ගැන මොකද හිතෙන්නෙ?
එයාලට ඔලුව ගහන් ඉන්න පුළුවන්ද ක්ෂේත්‍රයේ?

මම නම් කියන්නේ එන ඕන කෙනෙක් ඉගෙන ගෙන එන්න.ඉගෙන ගෙනාවොත් රැඳෙන්න පුළුවන්.නැත්නම් මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්න හරිම අමාරුයි.එහෙම දේවල් නැතුව ක්ෂේත්‍රයට ඇවිල්ලා ක්ෂේත්‍රයේ යේ රැඳෙනවා නම් ඇත්තටම ඒක ලක් එක.එහෙම අය ඉන්නවා හරිම අතලොස්සක්.ටික් ටොක් කරල හරි මොනවා හරි කරලා ක්ෂේත්‍රයට එනවා නම් ඉතිං හතු පිපෙනවා වගේ තමයි.එයාලා ආවා වගේම ඉක්මනින් යනවා..

හිරුණි ඇයි කලාව තෝර ගත්තෙ? කලාව පවුල් පසුබිමෙන් ලැබුණු දෙයක්ද?

ඇත්තටම මම කලාව තෝරගත්ත එක තමයි මගේ චූටි කාලේ ඉඳන්ම කියන ආසාව.පෙර පාසල් යන කාලේ ඉදන්ම තමයි නිළියක් වෙන්න ඕනෙ කියන ආසාව තියෙන්නේ.මගේ පවුලේ අය එහෙම ලොකුවට කලාවට සම්බන්ධ අය නෙවෙයි.හැබැයි මගේ බාප්පට මාමට පපාට හොඳට රඟපාන්න,සිංදු කියන්න,නටන්න ඔක්කොම කලා හැකියාවන් පුළුවන්.එයාලා ගොඩක් ටැලන්ටඩ් අය.

හිරුණි ලස්සන නිළියක්.තාම තාරුණ්‍යය විඳින්න ගත්තා හා සමානයි.ඉතිං මේ ලස්සන කෙල්ලට පිරිමි ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඒවා නම් ඉතිං නොඅඩුවම තියනවා.හැබැයි ඉස්සර තරම් කොල්ලන්ගෙන් වදයක් නෑ.දැන් ඉන්න අය යාළුවෙන්න අහන්නෙත් හරි වැදගත් විදියට.

කැමති නම් වයස කියමුද?

තාම 26යි

මේ වෙනකොට කීදෙනෙක් හිරුණිට ප්‍රපෝසල් ගෙනත් තියනවද?

අම්මෝ ගොඩක්.මට හිතාගන්නත් බෑ මොකද එච්චරටම මට ප්‍රොපෝසල් ඇවිල්ලා තියනවා.ඒත් මම ඉතින් කැමති වෙලා නෑ.

මට නිකං හිතෙනවා හිරුණි ට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා වගේ කියලා..ඇත්තටම හිරුණිට boyfriend කෙනෙක් ඉන්නවද? Crush එකක්වත්?

ආදරය කියන්නේ මහා අමුතු දෙයක්.ඒ ගැන කතා කරන්න ආසයි ඒත් බයයි.

හිරුණි රණසිංහ කාවද follow කරන්නෙ?

නෑ මම කාවවත් ෆලෝව් කරන්නෙ නෑ.මට කවදාවත් හිතිලා වත් නෑ මම මෙයාව ෆලෝව් කරන්න ඕන කියලා.මම කැමති නිළියො හිටියට මට එයාලා වගේ වෙන්න ඕන කියලා එකක් මගේ නෑ.මගේ ගති පැවතුම් යම් දෙයක් තියෙනවනම් ඒ හැමදේම මම විසින් හදාගත්ත දේවල් සහ මට දෙමාපියන්ගෙන් ලැබුණු දේවල්,සමාජයෙන් ඉගන ගත්ත දේවල්

හිරුණිට ක්ෂේත්‍රය ඇතුලේ කැපිලි කෙටිලි තියනවද?

කැපිලි කෙටිලි නම් නැත්තෙ කොහෙද.අපේ ක්ෂේත්‍රය වෙනත් ක්ෂේත්‍රයන්ට වඩා වෙනස් වෙන්නේ අපේ ක්ෂේත්‍රයේ කැපුවත් තේරෙන්නෑ.මොකද අපේ හැමෝම ඉන්නේ හිනා වෙලා.මූනට කිසිම තරහා කාරයෙක් නෑ.යටින් තමයි ගේම එක දෙන්නෙ.දැන් සාමාන්‍යයෙන් මනුස්සයෙක් තරහ වුණා නම් තරහ වුණා.ඒක අපිට එයා පෙන්වනවා.මේක හරිම භයානකයි.මොකද අපි දන්නෙ නෑ මෙයා මාත් එක්ක තරහද නැද්ද කියන එක,මොනවටද මෙයා මාත් එක්ක තරහ වෙලා ඉන්නේ කියන එක.ඔළුව අතගාලා තමයි ටොක්ක අනින්නෙ.

එහෙම හිත රිදිච්ච තැන් තියෙනවද?

හිත ගොඩක් රිදිලා තියනවා.ඇත්තටම ඒවා නොකියන තරමට ම හොඳයි.මම මෙහෙම කියන්නම්,ක්ෂේත්‍රයේ ප්‍රවීණයො ඉන්නෙ හරිම අතලොස්සයි.අනේ පුතේ අනේ නංගී කියලා දෙයක් කියලා දෙන අයට වඩා,සීන් එක වෙලාවෙදිත් අනිත් පැත්තටම හැරිලා යන්න අපිව කපන අය වැඩියි.එහෙම ප්‍රවීණයෝ කියන අය ඉන්නවා.එහෙම මට ගොඩක් වෙලා තියෙනවා.

දැන් ඉන්න අලුත් අය ගැන කතා කළොත්,එයාලට ඔක්කොටම කලින් ඕන සල්ලි,මුලින්ම අහන්නේ පේමන්ට් එක ගැන තමයි.මුලින්ම මම coordinate වැඩ කළා,ඒ වැඩ කරනකොට අලුත් කෙනෙක්ට කතා කලොත් කෙලින්ම මගෙන් අහන්නේ වැඩේටත් කලින් payment එක ගැන.පස්සේ මම ඒ වැඩෙත් සම්පූර්ණයෙන්ම අතෑරලා දැම්මා.මගේ මුල් කාලේ අපි වැඩ කළේ ආසාවට,සල්ලි ගැන හිතුවෙවත් නෑ.

හිරුණි කරන්න ආසාවෙන් බලන් ඉන්න,ලැබෙයි කියලා හිතන චරිතයක් තියෙනවාද?

ඇත්තටම මට එහෙම චරිතයක් නම් හිතේ නෑ.මට ලැබෙන ඕනෑම චරිතයක් හොඳට කරන්න තමයි මගේ බලාපොරොත්තුව.මට ඕනේ මම කරන චරිතයට හිරුණිව ගේන්නෙ නැතුව ඒ චරිතයට උපරිමයක් කරන්න.මට script එකක් ලැබුනම මම ඒ script එක ඇතුලේ මාව හොයන්නේ නැතුව ඒ චරිතය තමයි හොයන්න.එතකොට ඉතින් හැම එකක්ම special.

මොනවද ඉස්සරහට කරන්න තියෙන වැඩ?

මගේ පෞද්ගලික දෙයක් නිසා වැඩිය වැඩ නම් බාර ගත්තෙ නැහැ.කරන්න යන වැඩටික කරගෙන යනවා.ඒත් ලබන මාසේ එක ටෙලි නාට්‍යයක් බාර ගත්තා.ඒවා තමයි ඉතිං වැඩ..

සංවාදය-සචිනි සත්සරණි ප්‍රේමරත්න

28168414 2130748817211261 4342162793169967480 n
30124556 2152782955007847 8325528976892592126 n
33306069 2180544395565036 3706138240474939392 n
47684335 2355399578079516 6229799596982272000 n
296151894 3418720021747461 1580805517896832941 n
289429138 3392403977712399 9011130358781944866 n
281145520 3360961974189933 5500861137229841610 n
282181856 3369285910024206 3180631270670013036 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?