spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අ.පො.ස (උ.පෙළ) විභාගයේ ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරින් යෙදවීම

හෙට දින (23) දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2200 ක පැවැත්වීමට නියමිතව ඇති අ.පො.ස (උ.පෙළ) විභාගය සදහා අපේක්ෂකයින් 331709 පෙනී සිටිනවා.

විභාග මධ්‍යස්ථාන, සම්බන්ධිකරණ මධ්‍යස්ථාන, ප්‍රාදේශීය හා මධ්‍යම එකතු කිරීමේ මධ්‍යස්ථාන, ප්‍රශ්න පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන හා වෙනත් රහස්‍ය ලේඛණ ප්‍රවාහන කටයුතු වල ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරින් 1625 න් පමණ යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දන්වා සිටියා.

මෙයට අමතරව විභාග පැවැත්වෙන දිනයන්හිදී දිවයිනේ පිහිටි පොලිස් ස්ථාන මඟින් ක්‍රියාත්මක වන ජංගම සංචාර, යතුරු පැදි සංචාර, පාමුර සංචාර ඇතුළු විවිධ සංචාරයන් මඟින් විභාග මධ්‍යස්ථාන කෙරෙහි දැඩි අවධානයක් යොමු කර අවශ්‍ය ආරක්ෂාව සැපයීමට අවශ්‍ය උපදෙස් ලැබී තිබෙන බවත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?