spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අරුන්දික ප්‍රනාන්දු ගේ පයිලට් සිහිනයත් බොඳවෙයි

පසුගිය 9 වනදා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී මැර පිරිසක් විසින් සිය නිවසට ගිනි තැබීම හේතුවෙන් තම නිවස සහ ගුවන් හමුදාවේ පියාසර කළ ලිපි ඇතුළු වැදගත් ලියවිලි විනාශ වූ බව අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මන්ත්‍රීවරයා ගුවන් හමුදාවේ සේවය කළ බවට කිසිදු තොරතුරක් ගුවන් හමුදා ලේඛණවල නොමැති බවයි.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයෙන් පසුව ගුවන් හමුදාව මේ ගැන සොයා බැලීම් සිදුකර තිබෙනවා.එහිදී හෙළිවුයේ මන්ත්‍රීවරයා ගුවන් නියමුවන් බඳවා ගැනීමේ ශක්‍යතා පරීක්ෂණයට මුහුණ දීමට සහභාගිවී තිබෙන බවත් එහිදී ඔහු ඉන් අසමත් වී ඇති බවත්ය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ගුවන් නියමුවෙක් විදිහට බැඳෙන්න පැමිණෙන පුද්ගලයින් මුලින්ම ශක්‍යතා පරීක්ෂණයට යොමු කරන බවත් එම පරීක්ෂණය සමත් වුණොත් පමණක් එම පුද්ගලයාව ගුවන් හමුදාවේ බඳවා ගැනීම් ඛණ්ඩයට ඇතුලත් කරන බවයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමුවන්ගේ සංසදය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?