spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අරගලයේ වසන්තට ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හරී

අරගලය පැවැති දිනයේදී ජනාධිපති ලේකම්කාර්යට අයුතු ලෙස ඇතුලුවීමේ සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 46 දෙනකු ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, එම සැකකරුවන් සම්බන්ධයෙන් අතුල් පතුල් සටහන් ලබාගැනීම සදහා අද (30) දිනයේදීම මෝදර පිහිටි කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත යන ලෙසද මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ට නියම කළේය.

නඩුවට අදාළව වීඩියෝ දර්ශන කිහිපයක් ඔස්සේ සහ සී සී ටී වී දර්ශන කිහිපයක් ඔස්සේ කරන ලද විමර්ශනවලට අදාළව මෙම සැකකරුවන්ගේ අතුල් පතුල් සටහන් ලබාගැනීමට අවශ්‍ය බවට පොලීසිය කළ ඉල්ලීමට අනුව අධිකරණය මෙම නියෝග නිකුත් කළේය.

සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන පෙබරවාරි මස 03 වැනිදා තෙක් කල් තැබීණී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?