spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අමෙරිකාවේ සංචාරයක නිරත වීමට ජෝ බයිඩන්ගෙන් මෝදිට ආරාධනා

අමෙරිකාවේ සංචාරයකට පැමිණෙන්නැයි ජනාධිපති ජෝ බයිඩන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර තිබෙනවා.

දෙරටේම බලධාරීන් මෙම හමුව පිළිගෙන ඇති අතර ඒ සඳහා දිනයක් වෙන්කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වසරේ G 20 සමුළුව ඇතුළු ගෝලීය මට්ටමේ කාර්යයන් බොහෝමයක ප්‍රධානත්වය දැරීමට ඉන්දියාව සූදානමින් සිටිනවා.

දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, එවැනි පසුබිමක් තුළ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ආරාධනය සුවිශේෂී බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?