spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද (2) අහස වළාකුලින් බරව පවතී

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුලින් බරව පවතින අතර උතුරු , උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියා.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද පැවසුවා.

උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් කළා.

උතුර, උතුරු-මැද, නැගෙනහිර, වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?