spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද (06) තරමක වැසි තත්වයක්

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට සහ මුලතිවු දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වන බවත් බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 50 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවත් දන්වා සිටියා.

කොළඹ, කළුතර සහ ගාල්ල දිස්ත්රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?