අඩි සීයක ප්‍රපාතයකට ත්‍රීවිලරය පෙරළෙයි – සිව්දෙනෙකුට බරපතලයි

ඊයේ (29) අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා. ඒ ලිදුල පොලිස් වසමට අයත් මෙරායා ඌවකැලේ වත්තේ ඉහළ කොටස ප්‍රදේශයේදීය.

එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ පසුපස අසුනේ ගමන් ගත් තරුණයන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.අධික ලෙස බීමත්ව සිටි රියදුරා ඇතුලු ඔහුගේ මිතුරන් තිදෙනා එම වතුයායේ සිට ලිදුල මෙරායා නගරය දක්වා ත්‍රීරෝද රථය අධික වේගයෙන් ධාවනය කරවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි වාර්තා වන්නේ.

එක් තුවාලකරුවෙකුගේ සුශුම්නාවට හානි සිදු වීම නිසා එම තුවාලකරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ලිදුල පොලීසිය පවසනවා.

අනතුරින් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?