spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆේස් මාස්ක් තහනම ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ විරෝධය

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

 මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නැතිද?

නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් අප වෙත දැනුම් දී ඇති පරිදි එළිමහනේ දී මුව ආවරණ පැළදීම තවදුරටත් අත්‍යවශ්‍ය කරුණක් නොවන බව දන්වා තිබේ. අමාත්‍යවරයාගේ මෙම නිවේදනයෙන් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ද මෙම කරුණ සනාථ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. අපට හැඟෙන පරිදි මෙය පෙරට ගත් අඩිය පසුපසට ගැනීමක් වැනි දෙයකි. තනි පුද්ගලයන් ලෙස ගමන් කිරීමේදී මුව ආවරණ පැළදීම අත්‍යවශ්‍ය නොවුනද සමූහයක් ගැවසෙන ස්ථානවලදී කොරෝනා රෝගය වැළඳීමේ හැකියාව තවමත් සම්පූර්ණයෙන් ඉවත් වී නැති බව අපගේ හැඟීමයි.

කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වී ඇති බව අප පිළිගන්නා නමුදු නව කොරෝනා ප්‍රභේද (Omicron BA.4 BA5) දැනුදු ලෝකයේ අනික් රටවල සංසරණය වෙමින් පවතින බැවින් එම ප්‍රභේද අප රට තුළ පැතිර යාමේ කුඩා හෝ අවදානමක් ඇත.එම නිසා මේ අවස්ථාවේදී රට තුළ ඇති නොසන්සුන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්,රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ මූලිකම අවියක් වන මුව ආවරණ පැළදීම අත්‍යාවශ්‍ය නොවන බව පැවසීමෙන් රෝගය  පැතිරී යාම වැළැක්වීමට මෙතෙක් ගත් පියවර බාල්දු කිරීමක් ලෙස අපි දකිමු. එමෙන්ම මේ දිනවල මහජන ඒකරාශි වීම් වැඩි වීම, නොයෙක් ඖෂධ වර්ග සහ රෝග නිර්ණය සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල අවශ්‍ය ප්‍රමාණයට සැපයීමේ නොහැකියාවට ද අපි මුහුණ දී සිටිමු.

යම් හෙයකින් කොරෝනා තත්ත්වයේ වැඩිවීමක් සිදු වුවහොත් මෙම ඖෂධ හිඟය සහ අනෙකුත් අප ඉහත සඳහන් කළ කාරණා නිසා දැනට රට තුළ ඇති ව්‍යාකූල තත්වය තවත් වැඩිවීම නොවැළැක්විය හැකි වන අතර එමගින් අප වැටී ඇති ආර්ථික අර්බුදයද තවත් බරපතළ වනු නොඅනුමානය.

එම නිසා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම පොදු මහජනතාව එක්රැස් වන තැන්වලදී මුහුණු ආවරණ පැලදීම අත්‍යවශ්‍ය නොවන බවට ගෙන ඇති තීරණය ඉවත් කරගත යුතු අතර තමන් කොරෝනා රෝගීන් බවට පත් නොවීමට මහ ජනතාවට නැවත උපදෙස් ලබා දිය යුතු බවය.

– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බංකොළොත් රටේ දැන් අපි සුහුරු විදියට හිතන්න ඕනි" - Create The Smart Country...#sajithpremadasa
05:20
Video thumbnail
30 වෙනකල් හිටියොත් වෙන දේ මෙන්න - චන්දිම වීරක්කොඩි ජනපතිගේ සායම යවයි...#political
07:21
Video thumbnail
ජපානයෙන් අපේ රටට දුන් පොරොන්දුව...ටෙන්ඩර් කැඳවීම සැප්තැම්බර් මාසයේදී...
02:56
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-10
01:05:15
Video thumbnail
"වත්මන් ජනාධිපතිට ලැජ්ජාවක් නෑ - බය සහ තන්හාව තියෙන්නේ" #politicalnews
02:19
Video thumbnail
අත්අඩංගුවට ගත් ටැටූ දුලාජ් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරයට..#clubwasantha
04:58
Video thumbnail
රටම උඩු යටිකුරු කරන වැඩ වර්ජනයේ ඇත්ත නැත්ත මෙන්න - "මෙහෙමනම් එන්නේ මර්ධනය කරන්න අපිත් බය නෑ"
06:00
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-10 | Dasatha News
37:07
Video thumbnail
සෝ සුසුම් මැද කේ සුජීවගේ සැමියා රථ පෙළපාලියකින් සුසාන භූමියට රැගෙන ගිය අයුරු #ksujeewa
01:19
Video thumbnail
ටැටූ ලොක්කා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්... #clubwasantha
04:28

?