ෆේස්බුක් ජිල්මාට් පැමිණිලි කරන්න අංකයක්

ව්‍යාජ ෆේස්බුක් හා ෆේස්බුක් අනවසර ඇතුළුවීම් (හැක් කිරීම) සම්බන්ධයෙන් මෙම වසරේ (2022) මේ දක්වා ගතවූ මාස 10 1/2 තුළ පැමිණිලි දොළොස්දහස් තුන්සිය හැත්තෑතුනක් (12,373) ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‍ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල පැවැසීය.

ව්‍යාජ ෆේස් බුක් ගිනුම් සම්බන්ධයෙන් පැමිණිලි ප්‍රතිශතයක් ලෙස සියයට 41 ක්ද, අනවසර ඇතුළුවීම් සම්බන්ධයෙන් පැමිණිලි සියයට 16 ක්ද ලැබී තිබෙන බවද ඔහු සදහන් කළා

මීට අමතරව තොරතුරු ආරක්‍ෂණය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයිද ඒ මහතා කියා සිටියේය. ෆේස්බුක් සම්බන්ධයෙන් මහජන පැමිණිලි 011-2691692 යන දුරකථන අංකයට ඉදිරිපත් කරන ලෙසත් එය සතියේ දින පහ තුළ පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා කළ හැකි බවත් ඔහු පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?