ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් වෙරිෆිකේෂන් සහතිකය මුදල් ගෙවා ලබාගන්න අවස්ථාව

ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයින්ට තම ගිණුම් සහතික කිරීම සඳහා ලබාදෙන වෙරිෆිකේෂන් (verification) සහතිකට මුදල් ගෙවා මිලදී ගැනීමේ පහසුකම සලසාදීමට “මෙටා” ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව වෙබ් පරිශීලකයින් සඳහා ඇමරිකානු ඩොලර් 11.99ක මුදලක් සහ අයිෆොස් පරිශීලකයින්ට ඩොලර් 14.99ක මුදලක් ගෙවා එම සහතික කරගැනීමට අවස්ථාව මේ වනවිට පවතිනවා.

ඉදිරියේ දී මෙම පහසුකම ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත පරිශීලකයින් වෙත ලබාදීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ.

ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම්වල නිරවද්‍ය භාවය සහතික කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?