ෆවුසි සජබයෙන් එළියට දමයි

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවීමටයි ඊයේ (08) රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී තීරණය වී ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාදීම පිළිබඳ යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන් මන්ත්‍රීවරයට එරෙහිව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට පක්ෂයේ විනය මණ්ඩලයට පැවරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ඒකමතිකව තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) විපක්ෂ නායක කාර්යාලයේ දී එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් වුණා.

සමගි ජනබලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම්. ෆවුසි තේරීපත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?