අල්ලස් චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩූව පූර්ව නඩු විභාගයක් සඳහා ජුනි මස 27 වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
2005 වසරේ සිට 2010 වසර දක්වා කාලසීමාව තුළ ආපදාකළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට විදේශයකින් පරිත්‍යාග ලෙස ලැබුණු වාහනයක් සිය පෞද්ගලික භාවිතයට යොදා ගැනීම තුළින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න අලාභයක් රජයට සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?