ළමා අපචාරයක් සම්බන්ධව සංගීත ගුරුවරයෙක් පොලිස් අත්අඩංගුවට

ළමා අපචාරයන් සිදු කිරීම සම්බන්ධව පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීමට දික්වැල්ල පොලිසියට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දික්වැල්ල ප්‍රදේශයේ පාසලක සංගීත විෂය උගන්වන ගුරුවරයෙක් බවයි පොලිසිය පැවසුවේ.

ළමා ආරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලකට අනුව විමර්ෂණ සිදුකළ දික්වැල්ල පොලිසිය සැකකාර ගුරුවරයා ඊයේ (19) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර ගුරුවරයා තමන්ට සිප වැළඳගැනීම සිදුකළ බවට සිසුවියන් දෙදෙනකු විසින් පොලිසිය වෙත ප්‍රකාශයන් ද ලබාදී ඇති බවටයි කරුණු වාර්තා වුණේ.

සැකකරු අද (20) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?