හෝමාගම හඳයාගේ ප්‍රධානතම ගෝලයකු සහ යුද හමුදා කැප්ටන්වරයකු ගිනි අවි සමඟ අත්අඩංගුවට

නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක සැඟවී සිටී  අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ  පාතාල සාමාජිකයෙකු  සමඟ යුද හමුදා කැප්ටන් වරයකු ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පවසයි.

එම සැකකරුවන් දෙදෙනා සමග ටී 56 ගිනි අවියක් , එම ජීව උණ්ඩ 108 ක්   බ්‍රවුනින් වර්ගයේ    ,පිස්තෝල දෙකක් මිලි මිටර් නමය  වර්ග දෙකකින් යුත් ජීව උන්ඩ 26 ක් පොලිස් භාරයට ගෙන තිබේ.පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය රහස් අංකය මකා දමා තිබූ බවත් වැටලීම කළ නිලධාරියකු පැවැසීය

අත්අඩංගුවට ගත්   පාතාල සාමාජිකයා  පාතාල ප්‍රබලයකු වන  ඩුබායි රටේ සැඟව සිටින හෝමාගම හඳයා නැමැත්තාගේ  ප්‍රධානම ගෝලයකු බවත් ඔහුට විරුද්ධව දිවයිනේ පොලිස් ස්ථාන ගණනාවක්  මඟින් මුදල් වංචා නඩු හතළිස් දෙකක් සම්බන්ධයෙන් නඩු පවරා ඇති අතර ඊට අමතරව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු දෙකක් ඇත්තෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

ඉකුත් මැයි මාසයේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී බන්ධනාගාර නියාමකවරයෙකුගේ  නිවසට ගොස් ගිනි අවි පෙන්වා තර්ජනය කර දණ ගැස්සිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති සි ඩි වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත  විමර්ශන සිදු කරමින් සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරු  අනාවරණය වීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය. අත්අඩංගුවට ගත් යුද යුධ හමුදා කැප්ටන් වරයා රත්නපුර ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන්නෙක් බවත් ඔවුන් මීට දින තුනකට පමණ ඉහත දී නිවාඩු ලබාගෙන නුවරඑළියට තිබූ බවට අනාවරණය වී තිබිණි

සැකකාර කැප්ටන් වරයා පාතාල සාමාජිකයන්ගේ තොරතුරු කරුවෙක්  හැටියට කටයුතු කරන්නෙක් බවට බොහෝ දුරට සැක කළ හැකි යැයි විමර්ශන නිලධාරීහු පවසති

ඉකුත් විසි වෙනි දින හෝමාගම නියඳගල පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම ගහ යොදාගත්  ටී 56 ගිනි අවිය මෙයදැයි  හා ඒ සඳහා පැමිණි කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස පාතාල සාමාජිකයා සිටින්නේ දැයි පෙන්නන් කැප්ටන් වරයාගෙන් ඒ සඳහා සහයක් ලැබී ඇත්දැයි සොයා වැඩිදුරටත් විමර්ශන පවත්වන බව පොලීසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පැය 72 ක රඳවා ගැනීමේ නියෝග මත  ප්‍රශ්න කිරීමට නියමිතය.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නියෝජ්‍ය පොලිස්පති  ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත  මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ   හේමාල්       ප්‍රශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක වික්‍රමාරච්චි , පරීක්ෂක සමරතුංග මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?