හෝටල් කාමරයේ කාන්තා මරණයට ඇල්ලූ සැකකරු බණ්ඩාරවෙලට

බණ්ඩාරවෙල නගරයේ හෝටලයක කාමරයක් තුළ පසුගිය 24 වනදා තම බිරිඳ ඝාතනය කර පළාගොස් සිටි සැකකරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (27) අලුයම බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත රැගෙන ආ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැලණිය ගෝනවල පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.

පසුගිය 24 වනදා දින දහවල් හෝටල් කාමරය තුල තියුණු ආයුධයකින් පහරදිමෙන් ඝාතනයට ලක්ව තිබුණේ ඇටම්පිටිය කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි තිදරු මවක්.

මේ සම්බන්ධයෙන් කරන ලද පරික්ෂණවලින් අනතුරුව සැකකරු හඳුනාගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් සිටියදී ලැබුණු තොරතුරකට අනුවයි වස පානය කළ බව පවසමින් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට පත්වී ඇත්තේ.

ඒ අනුව බණ්ඩාරවෙල පොලිසියේ විශේෂ කණ්ඩායමක් කොළඹ ජාතික රෝහල වෙත ගොස් සැකකරු බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වන හැටි
05:36
Video thumbnail
මාලිමාව ඇතුලේ අයිස්, කසිප්පු මුදලාලිලා ඇති
07:19
Video thumbnail
විදුලිය විසන්ධි කිරීමට ආ නිලධාරීන්ට තග දැමූ මන්ත්‍රීගේ සහෝදරයා
02:19
Video thumbnail
රෝහිත ආණ්ඩුවට අනතුරු අඟවයි
03:46
Video thumbnail
එක අඩියක් පස්සට තිබ්බ ගමන් ලොකු වළකට ඇ#දගෙන වැ#ටුණා - දැදුරු ඔයේ ඛේදවාචකය ගැන පියෙක් කියූ කඳුළු කතාව
03:18
Video thumbnail
කුඩු එකක් ඇල්ලුවේ පොහොට්ටුවේ කෙනෙක් නෙවෙයිනේ..? - එප්පාවල සිද්ධිය ගැන නාමල් පුදුම වෙයි
02:46
Video thumbnail
යැපුම් මානසිකත්වයෙන් මිදෙන්න
00:20
Video thumbnail
අස්වැසුම ගන්න එකට සමාජයක් විදිහට ලැජ්ජ වෙන්න ඕනේ
03:46
Video thumbnail
කුඩුත් එක්ක මාට්ටු වූ මාලිමා මන්ත්‍රීනිගේ සැමියා අද අධිකරණයට
01:15
Video thumbnail
බඩු තියෙනවද ඔයා ගාව..? යන්කෝ පොලිසියට ගිහින්ම බලමු..!
06:05


?