අත් බෝම්බයක් රැගෙන සොරාගත් යතුරුපැදියකින් අපරාධයක් සිදුකිරීමට යමින් සිටි පුද්ගලයෙකු හෝකන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලීසිය පවසයි.මෙම අත් බෝම්බය විදේශීය රටක නිෂ්පාදිත එකක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේ.
අත්අඩංගුවට පත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි හී සැඟව සිටින ලැඩියා නම් අපරාධකරුගේ සමීපතම ගෝලයෙකු බවයි පොලීසිය පවසන්නේ.
රාමනායක මාවතේ නිවසක් අසල නවතා තිබූ යතුරුපැදියක් සොරාගෙනයාම සම්බන්ධ පැමිනිල්ලක් පොලීසියට ලැබී තිබී ඇති අතර එම යතුරුපැදියේ අංකය සහිත යතුරුපැදියක් මාලඹේ පොලීසියේ නිලධාරීන්ට නිරීක්ෂනය වීමෙන් එය පසුපස හඹාගිය නිලධාරීන්හට එහි ගමන්කල පුද්ගලයා පරීක්ශා කිරීමේදී මෙම අත් බෝම්බය සොයාගැනීමට හැකිවී තිබේ.
අත්අඩංගුවට පත් වූ සැකකරු වයස අවුරුදු 35ක කිරිවන්තුඩුව ප්‍රදේශයේ පදින්චිකරුවෙකි.
සැකකරු කඩුවෙල අධිකරනයට ඉදිරිපත්කිරීමට නියමිත අතර සිද්ධියට අදාල වැඩිදුර පරීක්ෂන මාලඹේ පොලීසිය විසින් පවත්වයි.