Wednesday, December 4, 2024
Empty Ad
AFC Banner

හොර ආරක්ෂිත ස්ටිකර් ගැසූ මත්පැන් නිෂ්පාදන ආයතන 03ක බඩු මාට්ටු

වෙළඳපොළේ අලෙවියට තබා ඇති මත්පැන් බෝතල්වල ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් ඇති බවට ලද තොරතුරු මත මේ වනවිට වැටලීම් ආරම්භකර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවා.

ඒ, අනුව සිදුකළ වැටලීම්වල දී නැගෙනහිර පළාතේ මත්පැන් නිෂ්පාදන ආයතන 03කට අයත් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් අලවා තිබිය දී සොයා ගැනීමට හැකි වූ බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර එම මත්පැන් නිෂ්පාදන ආයතන 03 සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයන් දිනක් ඇතුළත තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මත්පැන් වර්ගවල නිර්ව්‍යාජ භාවය, ප්‍රමිතිය, අදාළ බදු ගෙවන බවට තහවුරුකර ගැනීම සඳහා මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකර් ඇලවීමේ ක්‍රමවේදය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ස්තූතිවන්තවීම ඔබේ ජීවිතයට ආශිර්වාදයක්
07:16
Video thumbnail
පාර්ලිමේන්තු විකාශය සජීවීව
02:56:08
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය කංචන විජේසේකර සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:28:25
Video thumbnail
රට ආයමත් වැටුණොත් ගොඩගන්න හරි අමාරුයි - එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
03:09
Video thumbnail
බොනස් ඉල්ලපු අයට කංචනගෙන් පිළිතුරු - ආණ්ඩුව දැන් කරන්නේ නීති විරෝධි වැඩක්
05:08
Video thumbnail
ජනවාරි විදුලි බිලට දෙයියන්ගෙම පිහිටයි ද? - කංචනගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
08:52
Video thumbnail
රටේ අමාරුම කාලේ වැඩ පෙන්නපු කංචන
04:46
Video thumbnail
ජාතික ලැයිස්තුව ගැන තිස්ස දුකෙන් කිව්ව කතාව - "පක්ෂෙ තියෙන අසීරුකම මම හොඳට දන්නවා"
01:33
Video thumbnail
මාලිමාව ඉදිරියේ ලොකු අභියෝ ටිකක් තියෙනවා
01:21
Video thumbnail
හංවැල්ල හොල්ලන ඩුබායි පාතාලයේ සියල්ල හඬ පට එක්ක එළියට - Dasatha Search Light Exclusive
09:04

?