spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොරෙන් පැන්නූ දුරකථන අධිවේගයේදී කොටුවෙයි (වීඩියෝ)

නීති විරෝධී ලෙස ආනයනය කළ ජංගම දුරකථන 323ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන ගිය මෙම ජංගම දුරකථන වෑන් රථයක් මගින් අධිවේගී මාර්ගයේ රැගෙන යමින් සිටියදී පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් ඊයේ සවස අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම ජංගම දුරකථන තොගය අතර භාවිතා නොකළ නව ජංගම දුරකථන 246ක් සහ විදේශ රටවල භාවිතා කළ ජංගම දුරකථන 77ක් හමුවී තිබෙනවා.

කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු සහ වත්තල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු මෙම ජංගම දුරකථන තොගය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන කොළඹ බලා රැගෙන යමින් සිටියදී පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් ක්ෂණික මාර්ග බාධකයක් යොදා වෑන් රථය නවතා වැටලීම සිදු කර තිබුණා.

අත් අඩංගුවට ගත් ජංගම දුරකථන තොගය, සැකකරුවන් දෙදෙනා සහ වෑන් රථය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිසියට භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන්දනා ගමනක් බිහිසුණු අනතුරකින් කෙළවර වුණේ මෙහෙමයි...
02:13
Video thumbnail
දසත බෝපත අද කොළොන්නාවට...
02:37
Video thumbnail
KASTHIRAMA|හිටපු පා.ම විජේපාල හෙට්ටිආරච්චි සහ හි. පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු එක්වන කස්තිරම
01:47:05
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-20|Dasatha News
33:00
Video thumbnail
රටම කැළඹෙන පුවතක් ගැන අනාවරණයක් - මෙන්න ටික දවසකින් වෙන්න යන දේ...#election2024
09:08
Video thumbnail
මෙයාලට පයිත්තියන්නේ... "නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යැවීම මහා කජ්ජක් නෙවෙයි" #pasku
07:36
Video thumbnail
🔴Live :- දසත බෝපත ඇසළ පොහොයදා විශේෂ ධර්ම දේශනය සජීවීව
57:11
Video thumbnail
ඇයි දැන් ටිරාන් අලස් බබාද? "යුක්තිය තියෙන්නේ උගේ සාක්කුවේ ද? " - ටිරාන්ගේ රෙදි ගලවයි #yukthiya
04:07
Video thumbnail
ඔබේ දරුවාටත් තියෙන්නේ ළමා හතියද? සති දෙකකට වැඩිය තියෙයිනම් භයානකයි...
03:58
Video thumbnail
දවසේ කාටූන් එක පෙළට...
06:16

?