අද දහවල් කෑගල්ල පොලිස් රථ වාහන අංශයේ නිලධාරින් සැක සිතු යතුරු පැදියක් නැවතිමට අණ කලත් පලා යෑමට උත්සාහ දරා ඇති අතර පසුව යතුරු පැදිය ලුහුබැඳ නවතාගෙන තිබේ.එහිදී කල පරික්ෂාවේදී සැකකරු ලග තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 540ක් සොයාගෙන තිබෙනවා
මීට අමතරව බැංකු කාඩ් 4ක්, දුරකථන 3ක්, යතුරු පැදිය, දෙස් විදෙස් මුදල් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර කල විමර්ශන වලදී අනාවරණය වි ඇත්තේ කලක පටන් කොළඹ සිට නුවර දක්වා ස්ථාන රැසකට මොහු හෙරොයින් බෙදාහරින බවයි.
සැකකරු විශේෂ කාර්‍ය බළකායේ හිටපු සෙබලෙකු වන අතර මීරිගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1



