හෙරොයින්, කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන පදින අය මාර්ගයේදී ක්ෂණික පරීක්ෂා කරන්න උපකරණ කට්ටල 5000 ක්

මත්පැන් පානය කර රථ වාහන පදවන රියදුරන් මෙන්ම ඉදිරියේදී හෙරොයින් කොකේන්, වැනි මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය පදවන රියදුරන් ක්ෂණික පරීක්ෂාවට ලක් කිරීම සඳහා අවශ්‍ය උපකරණ පන්දහක් මේ වන පොලිසියට ලබාදී ඇති බව අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ලසන්ත අලගියවන්න මහතා මේ බව පැවසුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යයන ඒකකය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ප්‍රවාහන අමාත්‍යංශයත්, කොළඹ මහනගර සභාවත්,මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සහ පොලීසිය
එක්ව පාසල් දරුවන් වෙනුවෙන් මාර්ග ආරක්ෂාව පිලිබද දැනුවත් කිරීමේ ඒකකය ආරම්භ කර තිබෙනවා.

විහාර මහා දේවී උද්‍යානය තුළ තුළ පිහිටා ඇති මෙම මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් ළමුන් දැනුවත් කිරීමේ ඒකකයේ
මාර්ග නීති,පදිකයන් සඳහා නීති,රථවාහන පැදවිය යුතු යුතු ආකාරය සහ රියදුරන් භාවිතා කළ යුතු,මාර්ග නීති පිළිබදවත් දැනුවත් කරනු ලබනවා.

මෙම අවස්ථාවට එක් වුනු පාසල් දරුවන් වෙත පා පැදි ලබා දී ඔවුන්ට මාර්ග නීති පිළිබඳ පුහුණුව ලබාදීමට ද එහිදී කටයුතු කළා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,

“දිනපතා කොළඹට විශාල රථ වාහන ප්‍රමාණයක් සහ මගින් පැමිණෙන බවත් ඒ පිළිබඳ කොළඹ නගර සභාවට විශාල වගකීමක් පැවරී තිබෙනවා.

මත්පැන් පානය කර රථ වාහන පදින අයට සහ මාර්ග නීති කඩකරන අයට රියදුරු බලපත්‍රයේ ලකුණු අඩු කරන ක්‍රමයක් හදලා තියෙනවා.ඒ අනුව වැඩියෙන් වැරදි කරන අයට රියදුරු බලපත්‍රය අහිමි වෙනවා.

අපි අලුතෙන් උපකරණ කට්ටල පන්දහක් පොලිසියට ලබාදී තිබෙනවා.හෙරොයින්, කොකේන් ,වැනි මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන පදන අයව ක්ෂණික පරීක්ෂාවට ඒ මගින් ලක් කළ හැකියි.ලබන වර්ෂය මුලදී මෙම කටයුතු ආරම්භ කරනවා.වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන්නේ .

රියදුරු බලපත් ලබා ගැනීමේ කාල සීමාවවයස අවුරුදු 17 බවට පත් කරලා තිබුණා.දරුවන්ට මෙවැනි අධ්‍යාපනයක් ලබාදීම ඉතා වැදගත් “බව ඔහු පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ නායකයින් දැන් යට ඇඳුම් පිටින් ඉන්නේ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50
Video thumbnail
ෆොන්සේකා සජිත්ගේ පලු අරී - පතාක යෝධයෝ හැමෝම දාලා ගියා
14:41
Video thumbnail
යාපනය ශික්ෂණ රෝහල බලන්න ආ ඇමති නලින්දට හැමෝගෙම ආදරේ හම්බුණ හැටි
01:29


?